පසුගිය දා රාත්‍රියේ ඊශ්‍රායලය එල්ල කළ මිසයිල ප්‍රහාරවලට “පළිගැනීමක්” ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි පවසා ඇත්තේ, ඊශ්‍රායලයට “දැඩි ප්‍රහාරවලින් දඬුවම් කළ” බව ය.
ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරයෙන් පිපිරුම් හඬ ඇසුණු බවත් ටෙල් අවිව් නගරයට ඉහළ අහස කළු දුමාරයකින් පිරී තිබුණු බවත් බීබීසී ය වාර්තා කරයි.
මේ අතර, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සහ ප්‍රංශය වෙත ඉරානය අනතුරු අඟවා ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර හමුවේ ඊශ්‍රායලය ආරක්ෂා කිරීමට එම රටවල් තුන කටයුතු කරනු ලැබුවහොත් එම රටවල් තුනට අදාළ කලාපයේ පිහිටි නැව් සහ හමුදා කඳවුරු ඉලක්ක කර ප්‍රහාර දියත් කිරීමට කටයුතු කරන බවට ඉරානය අනතුරු අඟවා තිබේ.
මේ අතර ඉරානයේ සෑම ස්ථානයකටම සහ සෑම ඉලක්කයකටම තම ප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් තෙන්යාහු පවසා තිබේ.
ඊශ්‍රායලය විසින් මේ දක්වා සිදුකර ඇති ප්‍රහාර හමුවේ ඉරාන හමුදාපතිවරුන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායල හමුදාව වාර්තා කර තිබේ.
ඉරානයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා පවසා ඇත්තේ, ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් හමුදා නිලධාරීන් ඇතුළු 78 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ය.
මේ අතර අද (15) පැවැත්වීමට තිබූ ඉරානය සහ අමෙරිකාව අතර න්‍යෂ්ටික සාකච්ඡා අවලංගු කර ඇති බවද වාර්තා වේ.
මෙම සාකච්ඡාවල මැදිහත්කරුවෙකු වන ඕමානයේ විදේශ අමාත්‍ය බද්ර් අල්බුසයිඩ් X සටහනක් තබමින් පවසා ඇත්තේ ඉරිදා මස්කට්හී පැවැත්වීමට නියමිත ඉරාන එක්සත් ජනපද සාකච්ඡා දැන් සිදු නොවනු ඇති බවය.
කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට පවසා ඇත්තේ න්‍යෂ්ටික ගිවිසුම පිළිගන්නා ලෙසත් එසේ නොවුන හොත් ඉදිරියේදී තවත් ගැටළු මතුවිය හැකි බවය.
මේ දක්වා එක්සත් ජනපදය සහ ඉරානය පසුගිය අප්‍රේල් සහ මැයි මාස මාසවලදී ඕමානයේ මැදිහත්වීමේ සාකච්ඡා වට පහක් පවත්වා තිබේ.