අස්වැසුම දීමනාව සම්බන්ධයෙන් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කර ඇති අතර එහිදී අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී දීමනා 2025 මැයි මස සිට නතර කර දමන බවට මතයක් ඉස්මතු වන පරිදි අසත්‍ය ප්‍රචාරයක් යම් යම් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වෙමින් පවතින බවයි.
එම මණ්ඩලය පෙන්වා දෙන්නේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභී යෝජනා ක්‍රමය මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ දී සම්මත වූ ආකාරයට සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ගෙවීම් කිරීම සඳහා අනුමත වී ඇත්තේ 2023 ජුනි මස සිට දෙසැම්බර් මස දක්වා පමණක් බවයි. එහෙත් ඉන් පසු රජය විසින් ගත් තීරණයක් පරිදි මෙම කාණ්ඩය සඳහා අදාළ ගෙවීම 2024 දෙසැම්බර් මස දක්වා දීර්ඝ කරන ලද අතර නැවත වරක් රජය විසින් තීරණය කළේ මෙම කාණ්ඩයට අදාළ දීමනාව මෙම වසරේ මාර්තු මස දක්වා ගෙවීම කිරීමටයි.එමෙන්ම නැවත වරක් අදාළ ඒ කාන්ඩයේ දීමනාව ගෙවීම 2025 අප්‍රේල් මස දක්වා දීර්ඝ කිරිමට රජය තීරණය කළ අතර ඒ අනුව අදාළ දීමනාව අප්‍රේල් මස දක්වා දීර්ඝ කළ බවද නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව මෙම සංක්‍රාන්තික කාණ්ඩයට අයත් වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනා අඛණ්ඩව ගෙවීම් සිදු කිරීමට නියමිත අතර මෙම සංක්‍රාන්තික කාණ්ඩයට අයත් අස්වැසුම ප්‍රතිලාභී දීමනාව රජය තීරණය කළ පරිදී 2025 අප්‍රේල් මස දක්වා ගෙවීම සිදු කරනු ඇත. එය විවිධ සමාජ මාධ්‍ය විසින් ඉස්මතු කරන පරිදි එකවර ගෙවීම නතර කිරිමක් නොවන බව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරන බවද එම නිවේදනයෙන් දැනුම් දී ඇත.
තවද මෙම සංක්‍රාන්තික කාණ්ඩයට අදාළ අස්වැසුම ප්‍රතිලාභ දීමනාව ගෙවීම සිදුකරන ලද්දේ රටේ පැවති කොරෝනා වසංගතය ආදී හේතූන් මත ආර්ථික වශයෙන් අගතියට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණ ඇතිවය. ඒ අනුව සංක්‍රාන්තික කාණ්ඩයේ දීමනාව හැර අවදානමට ලක්වූ කාණ්ඩය, දුප්පත් සහ අන්ත දිළිදු යන කාණ්ඩයන්වල ප්‍රතිලාභ දීමනා අඛණ්ඩව ගෙවීම් කරන බවට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.