අල්ලස් කොමිසම ජනවාරි මාසයේ නඩු 4ක් පවරයි..!

අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිස විසින් ජනවාරි මාසයට අදාලව හිටපු ඇමතිවරයෙකුට හා මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුට එරෙහිව අල්ලස් චෝදනා මත මහාධිකරණයේ නඩු හතරක් පවරා තිබේ.

මීට අමතරව, නව පනත සම්මත වීමෙන් පසුව 2024 මාර්තු 26 සිට 2024 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ තවත් නඩු 75ක් පවරා ඇති බව කොමිසම නිවේදනය කර තිබුනි.

ජස්

ජනවාරි මාසයේ පැවරූ නඩු හතරෙන් තුනක් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව වන අතර අනෙක් නඩුව මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට සහ රියදුරුට එරෙහිව පවරා ඇත.

නඩු අංක HCB/353/2025 යට‌තේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් වෙසක් සුභ පැතුම් පත් 3000 ක් මුද්‍රණය කරවා ගැනීමෙන් රු.128,520 /- ක මුදලක පාඩුවක් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට දූෂණය නම් වරද සිදු කිරීම

නඩු අංක HCB/354/2025 යට‌තේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රු.360,000/- ක මුදලක් මහවැව වී හේන ෆාම් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ගෙවීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹවීමෙන් එකී මුදලක පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නම් වරද සිදු කිරීම

නඩු අංක HCB/355/2025 යට‌තේ සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රු.494,000/- ක මුදලක හලාවත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමකට බැර කිරීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹවීමෙන් එකී මුදලක පාඩුවක් ආණ්ඩුවට සිදු කිරීමෙන් දූෂණය නම් වරද සිදු කිරීම යටතේ 2025.01.08 වන දින කොළඹ මහාධිකරණයේ ප්‍රියංකර ජයරත්න ඇමතිවරයාට එරෙහිව නඩු තුනක් පවරා තිබේ.

හතරවන නඩුව ලෙස ගොඩනැගිලි සැලැස්ම හා එම ඉඩමේ සැලැස්ම මාවනැල්ල ප්‍රාදේශීය සභාව මගින් අනුමැතිය ලබා දීම සඳහා රුපියල් මිලියන දෙකක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිට සහ රියදුරුට එරෙහිව  නඩු අංක HCB/357/2025 යට‌තේ කොළඹ මහාධිකරණයේ පවරා තිබේ.

Social Sharing
ආර්ථික නවතම