ඩෙල්ටා පරදා ලැම්බ්ඩා කරළියට!

කොවිඩ් 19 ප්‍රභේද රැසක් පිලිබඳ මේ වන විට අප අසා ඇත්තෙමු. මේ කොවිඩ් පොකුරේ අලුත්ම ප්‍රභේදය වුයේ ඩෙල්ටාය. නමුත් දැන් ඩෙල්ටා වලටත් වඩා බිහිසුණු, එන්නත්වලින් මට්ටු කළ නොහැකි ‘ලැම්බ්ඩා’ විකෘති ප්‍රභේදය මේ වනවිට ලෝකයේ රටවල් රැසකින් හඳුනාගෙන ඇති බව මෙරට සෞඛ්‍ය අංශ ජනතාවට අනතුරු අඟවා සිටියි.

‘ලැම්බ්ඩා’ යනු ලතින් ඇමෙරිකාවෙන් මතුවුණු ‘කොවිඩ් 19’ විකෘති ප්‍රභේදයකි. මෙහි ආරම්භය පහුගිය දෙසැම්බරයේ  පේරු රාජ්‍යයෙන් වන අතර ‘ලැම්බාඩා’ විකෘතිය මේ වන විට ලෝකයේ රටවල් 30 කින් වාර්තා වී තිබීම නිසා මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී ඇත.

දකුණු ඇමරිකානු රටවල් තුල වේගවත් ව්‍යාප්තියක් සහිත මෙම ප්‍රභේදය එරට වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගෙන් 81% කට පමණ ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ප්‍රභේදය සම්බන්ධයෙන් වැඩි වශයෙන් කරුණු සොයා බැලීමට අවශ්‍ය දත්ත රැස්කිරීමට මේ වන විටත් සෞඛ්‍ය විශේෂඥයින් කටයුතු අරඹා ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජුනි 14 වන දින ලැම්බඩා ප්‍රභේදය සිය “උනන්දුවක් දක්වන ප්‍රභේද” ලැයිස්තුවට ඇතුලත් කිරීමට කටයුතු කර ඇත.

ලංකාවද මේ නව ප්‍රභේදය ගැන ගැන විමසිල්ලෙන් පසුවන බව  සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

මේ සියලු විකෘතිවලින් ද ආරක්ෂා වීමට මුහුණු ආවරණ පැලඳීම, සමාජ දුරස්ථභාවය රැක ගැනීම අනිවාර්යය යැයි ද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත.

-ශානි-

Social Sharing
නවතම