සීදුව පොලීසියට එරෙහිව පැමිණිල්ලක්!

සීදුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී ශාම් නිලූකා සිල්වා මහත්මියට පිරිමි පුද්ගලයන් තිදෙනකු මහමගදී පහර දී හිංසනයන් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා සීදුව පොලිස් ස්ථානයට එරෙහිව එක්සත් ලක්වනිතා පෙරමුණ පොලිස් මූලස්ථානයට ඊයේ  (5) පැමිණිල්ලක් කර ඇත.

ඉකුත් ජුලි දෙවැනි දා හවස 6.45ට පමණ ශාම් නිලූකා සිල්වා මහත්මියට කටුනායක දී පිරිමි පුද්ගලයින් තිදෙනෙකු විසින් මෙම පහරදීම සිදු කර ඇත.

තමා බයිසිකලයෙන් ගමන් කරමින් සිටියදී පිරිමි පුද්ගලයකු ඊට අත දමා නතර කළ බවත් එහිදී තවත් පිරිමි තිදෙනකු ද  බිම දමාගෙන තමාට ගෙන පහර දුන් බවත්, තමා ඇද සිටි ඇඳුම් ද ඉරා දැමූ බවත් නිලූකා සිල්වා මහත්මිය සීදුව පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇත.

නමුත් සීදුව පොලිසිය මෙතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති බවත්  ඇයගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජනය පිලිබඳවත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනි ශාන්තීනි කොන්ගහගේ මහත්මිය පොලිස් මූලස්ථානයට කළ පැමිණිලි කරමින් කියා ඇත.

මෙම පැමිණිල්ලේ සඳහන් ලිපියේ පිටපතක් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට ද යොමු කර ඇත.

Complaint against Seeduwa Police

-ශානි-

Social Sharing
නවතම