මෝචරි ඉඩ මදි වීම නිසා ඇතැම්  රෝහල් වලට මොබයිල් ෆීසර්?

කොවිඩ් වසංගතය නිසා ඊයේ (22) දිනයේදී මරණ 46 ක් වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරන ලදි.  ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගියහ.  දිනකදී වාර්තා කරන ලද වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා විය.

තෙවැනි කොවිඩ් රැල්ල පැමිනීමෙන් පසු ගත වූ මාස දෙක හමාරක පමණ කාලය තුල  පමණක් මරණ 500 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇත.

දිවයිනේ ඇතැම් රෝහල් වල මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර තැබීමට පවා මේ වන විට ඉඩ නැත. නිදසුනක් ලෙස දඹුල්ල රෝහලේ පමණක් පහුගිය දින වල මෘත ශරීර 08 ක් පමණ වැඩි වීම නිසා මෘත ශරීරාගාරයේ බාහිරව ශීතකරණයකින් තොරව තැබීමට සිදුව ඇත. ඒ PCR පරීක්ෂණ සිදු කර ඒ්වායේ ප්‍රතිඵල එනතුරුය. ප්‍රතිළුල එනවිට ඇතැම් මෘත ශරීර නරක් වී අතැයිද දඹුල්ල රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ අකාරයෙන්ම කොළඹ ජාතික රෝහලේ, හෝමාගම රෝහලේ ද වාර්තා විය.

මාතලේ රෝහලේද තත්ත්වය එසේමය. මේ වන විට මාතලේ දිස්ත්‍රික්කයෙන් පමණක් කොවිඩ් ආසාදිත මරණ හතලිස් ගණනක් වාර්තා වී ඇත. රෝහලේදී මිය යන අනෙකුත් පුද්ගලයින්ගේ දේහයන් මෙන්ම කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ දේහයන් ද තැබීමට සිදුව ඇත්තේ එකම මෘත ශරීරාගාරයේය.

මේ වන විට මාතලේ රෝහලේ PCR කිරීමට නියමිත/ PCR සිදුකර ප්‍රතිඵල ලැබිය යුතු මෘත ශරීර 10 ක් පමණ ඇත්තේ ශීතකරණ වල නොවේය. මන්ද මෙහි මෘත ශරීරාගාරයේ තැබිය හැක්කේ මෘත ශරීර අටක් පමණි. මේ පවතින තත්ත්වය පාලනය කරනු පිණිස මාතලේ රෝහලට පෙරේදා (22) රාත්‍රියේ ජංගම ශිතාගාරයක් (මොබයිල් ෆීසර්) ගෙනවිත් ඇත. ඊයේ දිනය වන විට එය සවි කර තිබුණේ නැත.

මේ අකාරයෙන්ම ඉදිරියේදී දඹුල්ල රෝහලටද මොබයිල් ෆීසර් එකක් ගැනීමට යෝජනා වී ඇතැයිද දඹුල්ල රෝහල් සේවකයෙකු පැවසුවේය.

-ශානි-

Social Sharing
නවතම