කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයින් එකතු කරගැනීම ගැන සැබෑ දේශප්‍රේමීයෙක් විදිහට තමන් සතුටු වන බව හිටපු ඇමති මංගල සමරවීර මහතා පවසයි.
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීමට විදෙස් ආයෝජනයක් සම්බන්ධ කරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙන ඇති තීරණය අනුමත කරන බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි.
ඒ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සඳහා විදේශ ආයෝජකයන් එකතු කර ගැනීමේ තීන්දුව ගැන මම සැබෑ දේශප්‍රේමියෙකු වශයෙන් ඉතාමත් සතුටු වෙන අතර ජනාධිපතිවරයා විසින් විදේශ ආයෝජකයින් හවුල් කර ගැනීම රට විකිණීමක්, රට පාවාදීමක් හැටියට තම පක්ෂය එදා පෙන්වා දුන් මතවාදය නිවැරදි නොවන බව පිළිඅරගෙන යහපාලන රජය විසින් ආරම්භ කරන ලද, එම ආර්ථික පිළිවෙත යළි ඉදිරියට ගෙන යන ලෙස සැබෑ දේශප්‍රේමීන් ලෙස ඉල්ලා සිටින බවය.