ක්‍රිකට් ක්‍රීඩාව ගැන ඉදිරියේදී දැඩි තීන්දු – ඇමති නාමල්

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ විලාසය ගැන සෑහීමකට පත් විය නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ක්‍රිකට් ක්‍රීඩාව සතුටුදායක මට්ටමේ නැති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුවත් කර ඇතැයිද ඇමතිවරයා පවසයි.

එංගලන්තය සංචාරය යන අතර මේ පිලිබඳව අප සාකච්ඡා කිරීම ක්‍රීඩකයාගේ මානසිකත්වයට හොඳ නැති බවත්, ඒ නිසා එංගලන්ත සංචාරය අවසන් වූ වහාම ක්‍රිකට් පාලක මණ්ඩලයත් සමඟ සාකච්ඡා කර ඉතා දැඩි තීන්දු තීරණ කිහිපයක් ගන්නා බවද හෙතෙම පවසයි.

මේ එංගලන්ත සංචාරය අතුරතුර මේ පිලිබඳ කථා කිරීම ක්‍රිඩකයින්ට කරන අසාධාරණයක් බවද ඒ නිසා මෙය අවසන් වූ වහාම කථා කරන බවද ඔහු පවසයි.

හම්බන්තොටදී මාධ්‍යවේදියෙකු නැගු පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.

Social Sharing
නවතම