ඉන්දියාවේ ‘අභිරහස්’ රෝගයක්!

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ‘අභිරහස් රෝගයක්’ වාර්තා වීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් වහාම එම ප්‍රදේශය වෙත යැවීමට ඉන්දීය බලධාරීහු පියවර ගත්හ. මෙම රෝග තත්වයට ගොදුරුවීමෙන් සිය ගණනක් රෝහල් ගත කර ඇති අතර එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මෙම රෝගීන්ට වමනය, ක්ලාන්තය, ඇඟ වෙව්ලීම ඇතුළු පුළුල් පරාසයක රෝගී ලක්ෂණ මතු වී ඇති බව වෛද්‍යවරු පවසති.

ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කියා සිටියේ මෙම රෝගීන්ගේ රුධිරයේ ඊයම් සහ නිකල් ඉහළ ප්‍රමාණයක් පවතින බව මූලික රුධිර පරීක්ෂණවලින් පෙනී ගොස් ඇති බවය. මේ වන විට රෝගීන් 500ක් පමණ රෝහල් කරා ගෙන ගොස් තිබේ

ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තය තුළ මෙවැනි තත්වයක් ඇති වී තිබෙන්නේ ඉන්දියාව කොරෝනා වසංගතය සමඟ ද දැඩි සටනක් ගෙන යන අතරතුර ය.

එම ප්‍රාන්තය තුළ සිටින කොවිඩ් 19 රෝගීන් ප්‍රමාණය 800,000කට අධික ය. කොරෝනාවෛරසයට ගොදුරු වූ වැඩිම පිරිසක් සිටින ප්‍රාන්ත අතුරින් තුන්වැනි ස්ථානයේ සිටින්නේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයයි.

නමුත් පසුගිය සති අන්තය තුළ හදිසියේ අසනීප වී රෝහල්ගත කෙරුණු ඉහත කී පිරිසට කොරෝනා වෛරසයේ බලපෑමක් සිදු වී ඇති බවක් පෙනෙන්නට නැත.

BBC සිංහල ඇසුරිනි

Social Sharing
විදෙස්