
ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය යන අංශවල වේගවත් ප්‍රගතියක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් කැපී පෙනෙන පිම්මක් පැනීමට සමත්ව තිබේ. 2026 වර්ෂය සඳහා වන ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය පිළිබඳ ඇගයීම් වාර්තාව මඟින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.
අදාළ දර්ශකයන්ට අනුව, වේගයෙන් සංවර්ධනය වන සහ ප්‍රගතියක් ලබන රටවල් අතර සිව්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. මෙහිදී පළමු ස්ථානය වියට්නාමයට හිමිව ඇති අතර, බෙලීස් රාජ්‍යය දෙවන ස්ථානයත්, මොසැම්බික් රාජ්‍යය තෙවන ස්ථානයත් ලබාගෙන තිබේ.
රටක මූල්‍ය විනය සහ ආර්ථික ස්ථාවරත්වය තක්සේරු කෙරෙන ණය විනිවිදභාවය සඳහා වන නිශ්චිත ශ්‍රේණිගත කිරීම්වල 05වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතන පෙන්වා දෙන පරිදි, ආයෝජක සබඳතා ශක්තිමත් කරගැනීම සහ ණය තොරතුරු විනිවිදභාවයකින් යුතුව හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති මෙම වේගවත් ප්‍රගතිය, ඉදිරියේදී රට කෙරෙහි ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය තවදුරටත් තහවුරු වීමට හේතුවක් වනු ඇත.
