
දූෂණ අවදානම් අවම කිරීම සහ වත්කම් ප්‍රකාශන ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා සාම්ප්‍රදායික කඩදාසි ලිපිගොනු ක්‍රමය සම්පූර්ණයෙන්ම නතර කර, මධ්‍යගත විද්‍යුත් වත්කම් සහ බැරකම් ප්‍රකාශන පද්ධතිය (Online) අනිවාර්ය කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නිර්දේශ කර තිබේ.
ඒ අනුව, 2026 ජූනි/ජූලි මාසවලින් අවසන් වූ වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ නියමිත කාලසීමාව උල්ලංඝනය කළ සියලුම රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව දැඩි මූල්‍ය දඩ, විනය ක්‍රියාමාර්ග සහ අවශ්‍ය අධිකරණමය පියවර ගැනීමට කොමිසම කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
එමෙන්ම, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා කොමිසමේ පවතින මානව සම්පත් හිඟය කඩිනමින් පියවා ගැනීමට අවශ්‍ය නව බඳවා ගැනීම් සිදුකරන ලෙස ද කොමිසම රජයට දැනුම් දී ඇත.
IMF ණය වැඩසටහනට අදාළ 5 වැනි සහ 6 වැනි සමාලෝචනවලින් අනතුරුව, දේශපාලන ක්ෂේත්රයේ ප්රමුඛ පුද්ගලයන් හා ඉහළ පෙළේ මූල්‍ය අපරාධ සම්බන්ධ නඩු කඩිනමින් විමර්ශනය කර අවසන් කිරීමේ වගකීම ද අල්ලස් කොමිසම වෙත සෘජුවම පවරා ඇති බව සඳහන් වේ.
තවද, 2025–2029 ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම යටතේ අල්ලස් කොමිසමේ බලතල පෞද්ගලික අංශයේ වංචා හා දූෂණ විමර්ශන දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, සමාගම්වල සැබෑ හිමිකරුවන් හඳුනාගැනීමේ ක්‍රමවේද ශක්තිමත් කරමින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සඳහා FATF අන්තර්ජාතික ප්‍රමිතීන්ට ශ්‍රී ලංකාව අනුගත කිරීමට ද පියවර ගනු ඇතැයි වාර්තා වේ.
