
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තවත් බන්ධනාගාර නිලධාරියකු මියගොස් ඇති අතර ඒ අනුව මිය ගිය සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 06 දෙනෙකුම බන්ධනාගාර නිලධාරීන් වේ. මෙම ගැටුමෙන් තවත් 100කට අධික පිරිසක් තුවලා ලබා ඇති බවද වාර්තා වන වේ.
බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් පසුව මීගමුව මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් කිහිපදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටින බවට වාර්තා වේ.
