
අභීත–බෲනෝ–තරිඳු විවාදයේ වැදගත්ම කොටස මඟහැරගන්න එපා. ඒ තමයි විමර්ශන කොමිෂන් සභා පත් කිරීම සඳහා භාවිත වන පනත් දෙකේ පවතින සීමාවන් සහ අඩුපාඩු පිළිබඳ කොටස. එම පනත් දෙක තමයි;. (1.) Commissions of Inquiry Act (Chapter 393), අනෙක (2.) Special Presidential Commissions of Inquiry Law, No. 7 of 1978. ඒ පනත් අනුව විදේශීය අයව එම කොමිෂන් සභාවලට පත්කරන්න බෑ. ජනාධිපතිවරයාගේ බලතල අනුව දේශීය අයව විතරයි එම කොමිෂන් සභාවලට පත්කරන්න පුළුවන්.
අපට අවශ්‍ය වන්නේ දේශීය සහ විදේශීය විශේෂඥයන්ගෙන් සමන්විත, ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි මිශ්‍ර (Hybrid) කොමිෂන් සභාවක්. එවැනි කොමිෂන් සභාවක් පත් කිරීමට නම් දැනට පවතින නීතිමය රාමුව හා අදාල පනත් සංශෝධනය කිරීම අවශ්‍යමයි.
හැබැයි, එම නීති සංශෝධන සිදු වන තෙක් දැනට ක්‍රියාත්මක විමර්ශන නතර කළ යුතු නැහැ. දැන් රවී සෙනෙවිරත්න, ශානි අබේසේකර ඇතුළු විමර්ශන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් CID මගින් සිදුකරන අපරාධ විමර්ශන ක්‍රියාවලිය කොමිෂන් සභාවකින් වෙනස් එකක්. රවී සෙනෙවිරත්න හා ශානි අබේසේකර සිදුකරන විමර්ශන ක්‍රියාත්මක වන්නේ අපරාධ නීතිය හා අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේයි.
අවශ්‍ය නීති සංශෝධන පිළිබඳ ඉල්ලීම මත ඒවා නතර කරන්න ඕනෑ නෑ. පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබඳ විමර්ශන අඛණ්ඩව ඉදිරියට යා යුතුයි. ඒ සමඟම වඩාත් පුළුල්, ස්වාධීන හා විශ්වාසනීය යාන්ත්‍රණයක් පිළිබඳ දේශපාලන සහ නීතිමය සංවාදයදත් ඉදිරියට ගෙන යා යුතුයි.
අදාළ පනත සංශෝධනය කර දේශීය හා විදේශීය විශේෂඥයන් එක්ව කටයුතු කළ හැකි පරිදි නව නීතිමය ප්‍රතිපාදන සකස් කරන ලෙස ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවට වඩ වඩාත් බලපෑම් කළ යුතුයි. ජාත්‍යන්තර විශ්වාසය දිනාගත හැකි, ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුත් මිශ්‍ර හෙවත් Hybrid කොමිෂන් සභාවක් පත් කිරීම වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටීම අවශ්‍යමයි.
වැදගත්ම දේ තමයි තරිඳු එහිදී ඉදිරිපත් කළ පාස්කු ඉරිදා ප්‍රහාරයට යුක්තිය හොයන්නන්ගේ ඒ ස්ථාවරයට අභීතත් එකගවෙනවා. අන්න ඒකයි වැදගත්ම දේ.
ඒක මගහැරගෙන හුදු ආතල් ගැනීම්, චූන් වීම් වලින් වැඩක් නෑ.. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දනයන්ට යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් වඩාත් විශ්වාසනීය විමර්ශන යාන්ත්‍රණයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය වෙනුවෙන් දිගින් දිගටම පෙනී හිටිමු. ඒ සදහා අවශ්‍ය නිති සංශෝධන හා ප්‍රතිපාදන වෙන්කරන ලෙස ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් බලකරමු!!
