“වයිරස්” එකට වඩා මරණීය තර්ජනයක් අද මනුස්ස සංහතියට එල්ල වෙලා තියෙනවා. ඒක ගැනයි අපි වඩාත් සැලකිලිමත් විය යුත්තේ,
මෑතකදී “the virus is a wake up wake up call” යන මාතෘකාව යටතේ පරිසර වේදීන් දෙදෙනෙකු සමග පසුගියදා පැවැත්වූ සාකච්ඡාවක දී, ඉන්දියාවේ අති දැවැන්ත පරිසර වේදිනියක් වන වන්දනා ශිවා මහත්මිය විසින්.
ඇයගේ ව්‍යක්ත ඉදිරිපත් කිරීම් විලාසය, ඇය සමග උරෙනුර ගැටී කරුණු පැහැදිලි කළ කැනේඩියානු පරිසර වේදී ඩේවිඩ් සුසූකි මයාගේ හඬ මගේ අවධානයෙන් ගිලිහී යාමටද සමත් විය.
මේ සටහන මම ඉදිරිපත් කරන්නේ එම සාකච්ඡා වේ සිංහල පරිවර්තනයක් ලෙස නොව, ඇය ඉදිරිපත් කළ කරුණු පිළිබදව සහ ඒවායේ අපට අදට අදාළ කාරණා පිළිබඳව වැඩිදුර විග්‍රහයක් කිරීමේ අරමුණ සහිතවයි.
වන්දනා ශිවා සහ ඩේවිඩ් සුසූකී යන දෙදෙනාම පාරිසරික විද්වතුන් වන අතර දෙදෙනාම right livelihood award හෙවත් යහපත් ජීවන පැවැත්ම පිළිබඳව වූ නොබෙල් ත්‍යාගයට නොදෙවෙනි ලෝක සම්මානයෙන් පිදුම් ලද දෙදෙනෙක්. එහිදී වන්දනා ශිවා විසින් අවධාරණය කල ප්‍රධාන කරුණු කීපයක් සාකච්ඡාවට බඳුන් කිරීම හොඳයි කියලා මම කල්පනා කළා.
(ඒ වගේම වන්දනා ශිවා කවුද කියලා නොදන්නා අයට මේ ලිපිය අග තියන ඇගේ විස්තර අඩංගු ලිපිය කියවලා ඉන්න කියලා මම ඉල්ලා සිටිනවා. )
එම කරුණු අතර ප්‍රධානම තර්කය මුලින්ම ගෙන බලමු
” වයිරස් එක මාරාන්තික නෑ, හැබැයි එයිට වඩා මාරාන්තික වයිරස් එකක් තියෙනවා, ඒක තමයි අද ලෝකය පුරා පැතිරී තියෙන ආහාර දාමයෙන් ලාභ ඉපැයීම නැමති ව්‍යාපාරික මාෆියාව” (Virus is not deadly, what is deadly is making profit from food system)
ලෝකයේ බලවත්ම ආහාර නිෂ්පාදන සමාගම් විසින් අද ආහාර නිපදවීමට උපයෝගී කරගෙන තිබෙන ප්‍රධාන ඉලක්කය කුමක්ද? ලාබ ඉපයිම. ආහාර කියන්නේ වාසිම ලාබදායීම ව්‍යාපාරය බවට බහුජාතික සමාගම් තීරණය කළේ අද ඊයෙ නොවෙයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව එළඹුණු අභියෝගය කට මුහුණ දීමක් ලෙසයි. එහිදී ඔවුන් දැවැන්ත ලෝක යුද්ධ වෙනුවට, රටවල් ඇතුළත සිවිල් යුද්ධ මුල සිටම සැලසුම් කළ අතර, රසායනික කර්මාන්තයේ පැවැත්ම සදහා තමයි කෘෂි රසායන සහ රසායනික පොහොර ව්‍යාපාරය ආරම්භ කළේ.
මේ ආරම්භය තමයි හරිත විප්ලවය හරහා අද ජාන විකෘති කරන ලද ආහාර ප්‍රවර්ධනය සහ බීජ නිපදවීමේ අයිතිය සම්පූර්ණයෙන්ම සමාගම් කීපයක් අතට පත් කර ගැනීමට ක්‍රියා කළේ. ඒවගේම මේ ක්‍රියාවලියේ අවසන් අදියරට පැමිණ තමයි අද ඝර්ම කලාපීය ගොවීන්ගෙන් ගොවිතැනේ අයිතිය උදුරා දමමින් ඉඩම් කොල්ලය ( land grabbing) පටන් ගත්තේ. MCC හෙවත් මිලේනියම් චැලේන්ජ් කොම්පැක්ට් කියන්නේ මෙන්න මේක ලේසියෙන්ම කරන්න ස්ථාපනය කරපු මහාපරිමාණ සමාගම් වලට බැක්අප් කරන පෞද්ගලික ආයතනයක්.
බලන්න මේක අපේ රටට අදාල වෙන්නේ කොහොමද කියලා. CIC කියන්නේ මොකක්ද? අද බීජ නිෂ්පාදනය කරන ප්‍රධාන ආයතනය. CIC පටන් ගත්තේ කෘෂි රසායන සහ තීන්ත වලින්. අද අපේ ගමේ නෑ ඒක ගොවියෙක් එළවළු බීජ හදන. කඩෙන්ම තමයි ගේන්නේ. CIC කියන්නේ කෙමිකල් ඉන්ඩස්ට්‍රීස් ඔෆ් කළම්බු. නමුත් අද ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයම අධ්‍යාපන ආයතනයක් ඇතුළත්ව මෙහෙය වන්නේ ඒ අය.
ඩෝල් කොම්පැනියට ඉඩම් දීලා තමයි කෘෂිකර්මය සංවර්ධනය කරන්න බලන්නෙ හැමෝම. MCC එක ලෝකෙ පුරාම කරන්නෙ පලතුරු හදන්න පුළුවන් ඉඩම් මුළුමනින්ම විකුණන්න පාර කපලා දෙනවා. රටේ මිනිස්සුන්ට කන්න තියෙන පොල් වෙනුවට යුරෝපයට, ඇමරිකාවට කැනඩාවට එවන්න අලිපේර කෙසෙල්, අඹ වවන්න තමයි ඒවා කරන්නේ.
ගොවියන්ට වගාකරන ඒකත් තහනම් කරන නීති ගෙනයයි ළඟදිම ඔන්න ඔය වැඩේ උන් ගමන්. හොඳන් බලාගෙන ඉන්න. ඔන්න ඕවා කෙරෙන විදිහ බලන්නයි පාර්ලිමේන්තු පනත් වලට ජනමත විචාරන උවමනා වෙන්නේ.
මෙන්න මේ නිසයි කීවෙ අද ලෝකයේ ආහාර නිෂ්පාදනය කරන සිස්ටම් එක කොරෝනාවට වඩා වයිරස් එකක් කියලා. හැබැයි කොරෝනාව විවෘත කරල දුන්න මේ අවස්ථාව යොදාගන්න පුළුවන් ආපහු හිතන්න මේ මහාපරිමාණ ලාබ ලැබීමේ ජාලයෙන් බැහැර වෙලා, ජාතිකත්වය මත පදනම් වුන ගොවිතැන් සංකල්පයන් ගැන හිතන්න.
ඒකයි මේ පණිවුඩයේ කියන්නේ. බොරුවට ගෙවතු වගාව කරන්න නොවෙයි, ක්‍රමානුකූලව මේක ප්‍රතිපත්ති වලට අනුගත කරගන්න කියන එක සහ මිනිසුන් ගෙ හෘද සාක්ෂිය අවුස්සලා මේක කළ යුතුයි කියන එක.
ආහාර කියන්නේ මනුස්සයාට ඖෂධයක්. ආහාර වලින් තමයි මිනිසාට ප්‍රතිශක්තිකරණය ලබා දෙන්නෙ. අද මිනිසා ජිවත් කරවන්න අවශ්‍යය වෙන්නේ මිනිසාගෙ ගිලිහී ගිය ප්‍රතිශක්තිකරණය ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් මිස එන්නත් වලින් නොවෙයි.
ඒවගේම රෙන්ඩබර වෙනකොට පිටිය හොයනවා වගේ කොරෝනා වෙලාවට විතරක් ඉඟුරු කොත්තමල්ලි බීලා හරියන්නේ නෑ. මේ කර්මාන්ත කරණය කර ඇති ගොවිතැන විසින් අද කරලා තියෙන ප්‍රධානම ව්‍යවසනය තමයි මිනිස්සුන්ට වස දිලා ප්‍රතිශක්තිකරණය සම්පූර්ණයෙන්ම අඩාල කරපු එක. ගෙවත්තක් හැදුවත්, කන්ඩ වී ටික හදාගන්න කුඹුරටත් තෙල් පොහොර ටික නැතුව කරගන්න බැරි තරමට මිනිස්සුන්ගෙ මනස අවනත වෙලා. ලංකාව විතරක් නොවෙයි, මේකට අද මුලු ලෝකයම නතු කරගෙන ඉවරයි. අන්න ඒකයි අපි ලිහා ගන්න ඕනෑ ගැටය.
කොරෝනාව කියලා දෙන පාඩම මේකයි. ලෙඩේට එන්නත් නොවෙයි ලෙඩේට මුල හොයන්න. ප්‍රතිකර්ම කරන්න ඕනෑ මූල බීජයට. කොරෝනාව රෝග ලක්ෂණයක් විතරයි, ඒකට බේහෙත් කරලා මානව සංහතිය බේරා ගන්න බැහැ.
“මහපොළොව සමග සමෝධානය තමයි අසමබර තාවය දුරලන්නේ” (Peace with earth will order the instability )
ඇයි ඇය මෙසේ කියන්නේ? අපි මෙය අපට ගලපා විදර්ශනා කළ යුතුයි නේද? පාරම්පරික ගොවිතැන විසින් ආහාර නිෂ්පාදනය කරේ කොහොමද? අතිරික්තයක් සහිතව, මහපොළොවට කීකරුව සහ ස්වාභාවික රිද්මයට අනුගතව තමයි ඒ ආහාර නිෂ්පාදනය කළේ. මේක කාලාන්තරයක් තිස්සේ කරගෙන ආවේ පරිසරයට සමාන්තරව පරිසරයෙන් ගන්න දෙය නැවතත් ඒ ආකාරයෙන්ම පරිසරයට මුදා හරිමින්.
ඒත් අද මේ කෘෂි කර්මාන්තය කියන යක්ෂයා මොකද කරන්නේ? පොළොවෙ තියන සාරය ඉවත් බවක් නැතුව උරාගන්නවා. ඒ කරලා කෘතිම රසායන මුදා හරිනවා පරිසරය ගැන අබමල් රේණුවක්වත් නොතකා.
බොහෝ කෘෂි නියායාචාර්යවරු තර්ක කරන්නේ එහෙම නැතුව වැඩිවන ජනගහනයට කන්න දෙන්නෙ කොහොමද කියලා? මම අවධාරණයෙන් කියන්නෙ හොඳ ට හිතලා බලන්න, අද මහා පරිමාණ කෘෂි නිෂ්පාදන වලින් කොච්චර ප්‍රමානයක් අපතේ හරිනවාද කියලා. ගොවි බිමේ ඉඳලා පිඟානට එන කොට 60% ම අපතේ හරිනවා මොන ආරක්ෂණ ක්‍රම උපයෝගී කර ගත්තත්.
ප්‍රාදේශීය පරිභෝජනයට ප්‍රාදේශීය නිෂ්පාදන කියන සංකල්පය තමයි අපි ප්‍රගුණ කල යුත්තේ. එතනදි පුළුවන් මේ මහපොළොව එක්ක සාමය ගොඩනගන්න සහ ගොවියන්ට කකුල් දෙක සමාන්තරව තියලා හිට ගන්න බය නැතුව, කැත නැතුව.
අද මේ තුලනය බිඳිලා තියෙන නිසා තමයි වන ජීවීන් අඩු වෙලා ගිහින් වන ජීවීන් ගෙන් යැපුණු වයිරස් තමන් ගේ පැවැත්ම සඳහා වෙනත් පරිපථ ආක්‍රමණය කරලා තියෙන්නේ. ඒක තමයි මේ කොරෝනාව. අනික අපි හිතනවා අපිට විතරයි බුද්ධිය තියෙන්නේ වෙනත් ග්‍රහලෝක වල ජනාවාස පිහිටුවා ගන්න.
හැබැයි ඔය වයිරස් වගේ ජීවීන්ට අපට වගේම, එයාලගේ පැවැත්ම තහවුරු කරගන්න බුද්ධිය තියනවා. අන්න ඒක අවතක්සේරු කරපු නිසා තමයි චීනය අඟහරු ලෝකෙ බෝංචි හදන කොට කොරෝනා මිනිස්සුන්ගෙ පෙනහලු වල දඹල වවන්න ගත්තෙ.
මහපොළොවට ‘ඉඩම්’ කියන ආර්ථික වචනයෙන් පරිභව නොකර මහපොළොව කියලා අමතලා එහි ආත්ම ගෞරවය රැක ගන්න බලමු.
“ආර්ථිකය කියන්නේ මිනිසා ගේ ජීවනෝපාය සලසන ක්‍රමවේදය මිසක් සල්ලි හම්බ කරන එක නොවෙයි” (Economy is art of living and not making money)
ඇත්තටම ආර්ථිකය කියන්නෙ මොකක්ද? අර්ථ,ධර්ම, කාම. ඔය තුන එකටයි යන්නේ. අර්ථ කියන්නේ ජීවිතය ගෙනියන්න ඕනෑ කරන ටික සපයා ගැනීම තමයි. ඒක කරන්න ඕනෑ අර කාම කියන පංච කාම ටික සනසවා ගන්න. හැබැයි ධර්ම කියලා දෙයක් එක්ක ඔය දෙක බැලන්ස් කරන්න ඕනෑ. ධර්ම කීවෙ සාර ධර්ම. චාරයක් ඇතිව ඒවා කළ යුතුයි කියන එක.
ඒක අද ඔය තුනේ කිසිම බැලන්ස් එකක් නෑ. අද මැක්‍රො ගත්තත් මයික්‍රො ගත්තත් ලාබෙ නැත්තං කරන්න බැහැ. පරිමාණය ලොකු නැත්තං කරන්න බැහැ. පරිමාණය ලොකුවට කරනවිට ලැබෙන ලාභය එක තැනක ගොඩ ගැහෙනවා. ඔය ලාබ උපරිම කිරීමේ බටහිර සංකල්පය අපට එන්නේ අර අපේ කුසල් රැස් කිරීම කියන තණ්හා ආකල්පයත් එක්ක දෙමුහුන් වෙලා. එහෙම උනාම අපේ කලාපයේම ධනවාදය, අමුතුම කොස්ටියුම් එකක් ඇඳ ගන්නවා. එතකොට තියරිය වෙන්නේ බල්ලො මරලා හරි සල්ලි හොයන්න සහ ගොඩ ගහ ගන්න එක. ඒකයි අපේ රටවල් ආර්ථික විද්‍යාඥයින් පරණ ආර්ථික නියායන්ම කරේ තියාගෙන ඉන්නේ.
හැබැයි ඇත්ත වශයෙන්ම අද නවීන ලෝකයේ ආර්ථික විශේෂඥයන්ගේ පවා අවධානය යොමු වී තිබෙන්නේ පරණ සල්ලි සෙවීමේ ආකෘති අතික්‍රමණය කරමින් තිරසාර ආර්ථික නියායන් වෙත ගමන් කරවීමට.
අන්න ඒ ආර්ථික න්‍යායන් වල ප්‍රධාන ඉලක්කය වන්නේ ආර්ථිකය සදහා ජීවත් වීමේ කලාවන් නිර්මාණය කරන එකට මිස ජීවත් වෙන්න මැරෙන්න හදන එකට නොවෙයි. වත්මන් පරිභෝජන ආර්ථිකයට අනුව කරන්නෙ පරිභෝජනය සදහා සල්ලි හොයන්න මැරෙන එක මිස ජීවත් වීම නොවෙයි. මෙන්න මේ දෙය තමයි වන්දනා ශිවා තම ජීවිතය කැප කරමින් ඉන්දියාව පුරා ඉන්න ගොවි ජනතාව ට පහදලා දෙනනේ.
සල්ලි දීලා පොහොර ගෙනත්, ඒ විෂ මහපොළොවට එකතු කරලා, තිබුණු පිරිසිදු වතුර ටික අහිමි කරගෙන දැන් බොතල් වතුර බොනවා. අනාගතයේදී පස්ස හෝදන්නත් බහුජාතික සමාගම් වලින් වතුර සල්ලි වලට ගන්න වෙයි. පොහොර සහනාධාරය ඉල්ලලා පිං සෙන්ඩු වෙන එක පැත්තක තියලා අපේ ක්‍රියාකාරීන් කවදද ඔන්න ඔය දේ තේරුම් ගන්නේ? මේක තමයි මම ජනතාව තේරුම් ගත යුත්තේ පක්ෂ දේශපාලනයට ඒක කර ගන්න බැරි උනාට.
කොරෝනාව ලබලා දුන්න අවස්ථාව තමයි මෙන්න මේ සාමිප්‍රදායික සල්ලි එක්රැස් කරන්න මැරෙන ආර්ථික රටාව වෙනුවට ජීවත් වීමේ කලාව මිනිසුන්ට කියා දීම.
“අපේ සමස්ත ක්‍රියාකාරීත්වය වතුරේ යනවා අපි පරිභෝජනය කරන හැම දෙයක්ම හදන්න මහපොළොවට තම ශක්තිය කොච්චර වැය කරනවාද කියලා නොදන්න විට.” (our activism is lost if if don’t know the cost of what we consume)
ආහාර දාමයට වන හානිය සහ ප්‍රාථමික ආහාර වෙනුවට ද්විතිය තෘතීය සහ ඉහලම මට්ටමේ භාණ්ඩ පරිභෝජනය තමයි බොරු “සස්ටේනබල්’ කියන මිත්‍යාව මාර්කට් කිරන්නෙ අද. කහට උගුර වෙනුවට කට ඇලෙන කිරි තේ කෝප්පය ගැන හිතන්න අපේ රටේ. ඕනැද අපේ ඇඟට එච්චර සීනි. මොකද්ද අද එකෙන් වෙලා තියෙන්නේ?
පැළෑටි වලින් ගන්න ධාන්‍ය වෙනුවට, ධාන්‍ය සත්තුන්ට දීලා සත්තුන්ගෙන් හදන බේකන් වල වැය ශීර්ෂය කොහොමද?
කැනෝලා වවලා බයෝ ඩීසල් හදලා renewable energy වලින් රසායනාගාර ඇතුළේ ඩිජිටල් මස් හදනවා. බිල් ගේට්ස්ලගෙ අලුත්ම පරිසර හිතකාමී නිෂ්පාදන තමයි මේවා. මොහොතක් හිතන්න මේවාගේ ආන්තික පිරිවැය. GMO සෝයා වවන්නේ සත්ව ආහාර ලෙස. ඒවා තමයි අපිත් සෝයා මීට් කියලා කන්නේ. යුරෝපයේ සත්තුන්ට කන්න දෙන්න ගෞතමාලාවේ දවසට $ 1.50 ගානෙ කම්කරුවන්ට ගෙවලා GMO සෝයා වවනවා. මොකද්ද එතන තියන සාර ධර්මය.
Ecological footprint කියන්නේ ජීවත් වීමේදී එක් මනුස්සයෙක් පරිසරයට කොච්චර බරක් දානවද කියන එකට. මෙතෙන්දි ප්‍රධානම බර එකතු කරන්නේ, අපි පරිභෝජනය කරන භාණ්ඩ නිෂ්පාදනය සදහා බැරවන පරාසරින වැය ශීර්ෂය. ඒක ටිකක් සංකීර්ණයි, උදාහරණයක් ලෙස, කැනඩාවේ ග්‍රීන් හවුස් එකක තක්කාලි කිලෝවක් වවනවට වඩා ගොඩාක් අඩු වියදමක් යන්නේ ගෞතමාලාවෙ එකම හදන්නේ. හැබැයි ඒක කැනඩාවට ගුවන් මගින් ගේන්න යන වියදම, ගත්තම පරිසරයට වැඩි වැය ශීර්ෂයක් යන්නේ කොතනින් ද කියන එක පැහැදිලි යි.
ඇගළුම් කර්මාන්තය ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය උනාට ඒ ඇඳුමක් පාරිසරික වියදම් බැලුවොත් ecological footprint එක ගැන හිතන්න අමාරුයි. චීනෙ හදන රෙදි ලංකාවට ගෙනල්ලා මහලා ඇමරිකාවේ විකුණනවා. මොන තරම් වියදමක් පරිසර පද්ධතියට කරනවද?
අද වෙළෙදපලේ value added කියන සංකල්පයේ තියෙන්නේ ඇත්තටම value add කරන එක විතරයි හැබැයි භාණ්ඩයේ ගුණය ඇඩ් කරන්නේ නෑ. එතනදි කරන්නෙත් වංචා සහගතව වටිනාකම් එකතු කිරීමක් මිස ගුණාත්මක වටිනාකමක් නොවේ.
භාණඩ ප්‍රවාහන ය වෙනුවට (local produce for local consumption) දේශීය පරිභෝජනයට දේශීය ආහාර කියන සංකල්පය පුළුවන් තරම් ප්‍රාදේශීය මට්ටම දක්වා ගෙනයාම තමයි අපේ පරිභෝජනයේ නිශ්පාදන පිරිවැය අවම කල හැකි එකම ක්‍රම වේදය. ඒක තමයි කොරෝනා ව දන් දායාදය.
“කොරෝනාව අපට ගෙන දුන් අභියෝගය වන්නේ භාණ්ඩ වෙනුවට අදහස් ගලා යායුතුයි.” ( We should move ideas and not goods) අපේ පාරම්පරික ප්‍රඥා සමුදායට සවන් දෙන්න. අදහස් හා පාඩම් එමට ඇත්තේ එතැනයි.”
මේ සාකච්ඡාවේදී අපට ලබාදුන් වැදගත්කම පණිවිඩය වුයේ මෙයයි. එමෙන්ම ඩේවිඩ් සුසූකි මහතා අවසානයට කීවේ ළගදී මියයන අප සවන් යොමු කටයුත්තේ අපේ තරුණ පරපුරට සහ ඔවුන්ට අවශ්‍යය දෙයට මිස “බලයට තැරැව් කාර කම් කරන විද්‍යාඥයින් ට නොවේ”. මොහොතක් හිතන්න මේ ගැන.
බලයට තැරැව්කාර කම් කරනවාද?
සුමනා විජේරත්න
(නැවත පල කිරීමක්. මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී. ලිපියේ පූර්ණ අයිතිය ලේඛිකාව සතුය. )