Data is Power: ට්‍රම්ප්ගේ චීන සංචාරයේ සැබෑ කතාව.


ඇමරිකානු ජනාධිපති Donald Trump ගේ මෙවර චීන සංචාරය සාමාන්‍ය රාජ්‍ය සංචාරයකට වඩා ලෝක අවධානයට ලක්වීමට එක් හේතුවක් වන්නේ, ඔහු සමඟ ලෝකයේ ප්‍රධාන තාක්ෂණික හා ව්‍යාපාරික නායකයන් කිහිප දෙනෙකු ද ඊට එක්වීමයි.මෙය අද ලෝක බල තුලනය තීරණය වන්නේ හමුදා බලයෙන් පමණක් නොව, Artificial Intelligence (AI), semiconductor chips, digital economy සහ data power මඟින් බව පෙන්වන ප්‍රබල සංඥාවක් ලෙසයි විචාරකයන් සදහන් කරන්නේ. Elon Musk (Tesla සහ EV/AI/robotics ක්ෂේත්‍රය),Jensen Huang – (AI chips සහ semiconductor industry),Tim Cook – (smartphone සහ global manufacturing supply chain) යන ලොක්ප්‍රකට තාක්ශන ව්‍යාපාරිකයන් ඇතුලු පිරිසක් මීට එක්ව සිටිති.

අද ඇමරිකාව සහ චීනය අතර ඇති ප්‍රධාන තරඟය කෘතිම බුද්ධියේ ආධිපත්‍යය” “AI supremacy” පිළිබඳවුවකි. විශේෂයෙන් AI සඳහා අත්‍යවශ්‍ය semiconductor chips නිෂ්පාදනය සහ පාලනය මේ තරඟයේ මූලික අංගය වී තිබේ.මෙහිදී NVIDIA සමාගමේ ප්‍රධානියා වන Jensen Huang ට්‍රම්ප් සමඟ එක්වීම විශේෂ අවධානයට ලක්විතිබේ. NVIDIA යනු ලෝකයේ ප්‍රමුඛතම semiconductor සහ Artificial Intelligence (AI) chip නිෂ්පාදන සමාගමකි.මෙය ඇමරිකානු තාක්ෂණික සමාගමක් වන අතර 1993දී ආරම්භ කරන ලදී.NVIDIA සමාගම නිපදවන AI chips පිළිබඳව ඇමරිකාව චීනයට පනවා ඇති සීමා නිසා, මෙම සංචාරය තාක්ෂණික සාකච්ඡාවක් ලෙසද සැලකේ.Reuters වාර්තාවකට අනුව, චීනයට AI chip අපනයනය සම්බන්ධ ගැටලු සහ නව ගිවිසුම් පිළිබඳ සාකච්ඡා මෙහි ප්‍රධාන අරමුණක් වී ඇත.
මේවනවිට Apple, Tesla, Visa සහ Mastercard වැනි සමාගම් චීනය තුළ නීතිමය හා වෙළඳ බාධක රැසකට මුහුණ දී ඇත.ඒ නිසා මෙවර සංචාරය “business diplomacy” හෙවත් රාජ්‍ය නායකයා සෘජුවම සමාගම් සඳහා වෙළඳ අවස්ථා සාකච්ඡා කරන ආකාරයේ එකක් බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි. කෙසේ වෙතත් ට්‍රම්ප් ගේ පාලන ක්‍රියාවලිය බෙවින් අවදානය යොමුකරන්නේ ව්‍යාපාරික අර්මුනු මත බව පිලිගැනිමයි.මේ අනුව පසුගිය දශකයේ ලෝක වෙළෙද යුද්ධයෙන් පසු ඇමරිකානු සමාගම් චීන වෙළඳපොළේ අහිමි වූ බලපෑම නැවත ලබා ගැනීමට උත්සාහ කරමින් සිටී.

AI, electric vehicles, robotics සහ යුදමය ව්‍යාපාර සඳහා අවශ්‍ය දුලභ ඛනිජ සම්පත් බොහෝමයක් චීනයේ පාලනය යටතේ පවතී.විශේෂයෙන් EV batteries සඳහා මෙම ඛනිජ අත්‍යවශ්‍ය බැවින්, Elon Musk වැනි ව්‍යාපාරිකයන්ගේ සහභාගිත්වය වැදගත්වේ. අද ලෝක බලය “oil politics” සිට “chip politics” සහ “mineral politics” වෙත මාරුවී ඇති බවයි විචාරකයන් පවස්න්නේ. .

පෙර කාලයේ රාජ්‍ය නායකයන්ගේ විදේශ සංචාරවලට එක්වූයේ රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය තානාපතිවරුන්ය.නමුත් අද AI සහ Big Tech සමාගම් මෙම සංචාරවලට සහබාගිවීමෙන් ඔවුන් ලෝක ආර්ථිකයේ සහ ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රධාන බලවේග බවට පත්ව ඇතිබව පෙන්වා දෙයි.

මෙම සංචාරය ඇමරිකාවට පමණක් නොව චීනයටත් වැදගත්ය.Xi Jinping නායකත්වය යටතේ චීන ආර්ථිකය මන්දගාමී වීම, විදේශ ආයෝජන අඩුවීම සහ තාක්ෂණික සීමා දැඩි වීම නිසා බීජිං පාලනයට ඇමරිකානු සමාගම් සමඟ සබඳතා ස්ථාවර කර ගැනීම අවශ්‍ය වී ඇත.එබැවින් මෙම හමුව “competition with cooperation” යන නව භූදේශපාලන ආකෘතියක සංකේතයක් ලෙසද සැලකේ. “Competition with Cooperation” යනුවෙන් අදහස් කෙරෙන්නෙ රටවල්, සමාගම් හෝ බලවතුන් එකිනෙකා සමඟ තරඟ කරමින් සිටියත්, සමහර වැදගත් ක්ෂේත්‍රවලදී එකට සහයෝගයෙන් කටයුතු කරන තත්ත්වයයි.

මේ නිසා ට්‍රම්ප්ගේ චීන සංචාරය දේශපාලනික හෝ රාජ්‍ය උත්සවයක් පමණක් නොවන බව විචාරකයන්ගේ අදහසයි. එය AI, chips, trade, rare earth minerals, digital economy සහ corporate power එකට සම්බන්ධ 21 වන සියවසේ නව බල අරගලයක ප්‍රකාශනයක් ලෙසයි ඔවුන් අර්ථ දක්වන්නේ. අද ලෝකයේ බලය තීරණය කරන්නේ රාජ්‍ය නායකයන් ද?නැතහොත් AI සහ data පාලනය කරන තාක්ෂණික සමාගම් ද?යන ප්‍රශ්නය මෙම සංචාරය තුලින් නැවත ලෝකය ඉදිරියේ තබා ඇත.

සටහන ටී.ම්.ජී. චන්ද්‍රසේකර

Social Sharing
නවතම පුවත්