
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින බොහෝ අර්බුදවලට ප්‍රධාන හේතුවක් වන්නේ තවමත් පවතින යල් පැන ගිය දත්ත පවත්වාගෙන යාමේ ක්‍රමවේදයන් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සඳහන් කරයි. ඒ අනුව රැඳවියන්ගේ නඩු වාර, සෞඛ්‍ය වාර්තා සහ අනෙකුත් වැදගත් තොරතුරු අතින් ලියන ලේඛනවලට පමණක් සීමා වීම නිසා විවිධ ප්‍රමාදයන්, දත්ත අස්ථානගත වීම් සහ අක්‍රමිකතා සිදුවීමට ඇති ඉඩකඩ බෙහෙවින් වැඩිය. ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ 21 වන සියවසට නොගැළපෙන පරණ ලේඛන කලාවක හිරවී සිටිය යුතුද?
නූතන තාක්ෂණය බන්ධනාගාර පද්ධතියට බද්ධ කිරීම තුළින් ක්ෂණික සහ විනිවිද පෙනෙන සේවාවක් ලබා දිය හැකි බවත් සෑම රැඳවියෙකුගේම තොරතුරු ඒකාබද්ධ ඩිජිටල් ජාලයක් හරහා පවත්වාගෙන යාමෙන් යුක්තිය ඉටු කිරීමේ ප්‍රමාදයන් අවම කරගත හැකි බවත් ඔවුන් සඳහන් කර සිටියි. නඩු වාර්තා සහ අධිකරණ නියෝග ක්ෂණිකව හුවමාරු වීමෙන් රැඳවියන් අනවශ්‍ය ලෙස බන්ධනාගාරගතව සිටීම වළක්වා ගත හැකි වීම මෙහි ඇති ප්‍රධානතම මානුෂීය වාසියයි. ඩිජිටල්කරණය යනු හුදෙක් පහසුවක් නොව යුක්තියේ නව මාවතක් බව ද ඔවුන් පවසයි.
CPRP සංවිධනය යෝජනා කරන්නේ බන්ධනාගාර පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සුඛෝපභෝගී කරුණක් නොව, එය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ අනිවාර්ය අවශ්‍යතාවයක් බවත් නිලධාරීන්ට සිය රාජකාරිය පහසු කරන මෙන්ම මහජන විශ්වාසය තහවුරු කරන විධිමත් දත්ත පද්ධතියක් ස්ථාපනය කිරීම කාලීන අවශ්‍යතාවයක් බවයි. එමෙන්ම තාක්ෂණයෙන් සන්නද්ධ වීම යනු වඩාත් ශිෂ්ඨ සම්පන්න සහ මානුෂීය බන්ධනාගාර පද්ධතියක් කරා යන ගමනේ වැදගත්ම පියවරක් බවත් ඔවුන් අවධාරණය කරයි.
