2025 වසරේ ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වුණු පැමිණිලි ගණන 10,000 ඉක්මවයි.

2025 වසරේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 10,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි. එම අධිකාරියේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ (සැලසුම් හා තොරතුරු) නීතිවේදී සමාජ විද්‍යාඥ ශානික මලල්ගොඩ මහත්මිය පැවසුවේ ඒ අනුව එම වසර තුළ ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 10,455ක් වන බවය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (06) පැවැති ළමා අරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහත්මිය මේ බව සඳහන් කළාය. ඒ මහත්මිය පැවසුවේ ලැබී ඇති මෙම පැමිණිලි සංඛ්‍යාවෙන් පැමිණිලි 2,099ක් ළමයින් කෘරත්වයට පත් කිරීම වෙනුවෙන් ලැබුණු බවය.

එමෙන්ම මෙම වසරේ පෙබරවාරි 28 වැනි දින වන විට කායික දණ්ඩනය සම්බන්ධව පැමිණිලි 11,409ක් වාර්තා වී ඇති බවද ඒ මහත්මිය මෙහිදී අනාවරණය කළ අතර ඇය පවසා සිටියේ යම් කිසි අයෙකු ළමයෙකු කායික අපයෝජනයට, කායික දණ්ඩනයට ලක් කරන බව දුටුවොත් හෝ ඒ සම්බන්ධව දැනගැනීමට ලැබුණහොත් ජාතික ළමා ආරක්ෂන අධිකාරියට වහාම පැමිණිලි කරන ලෙසය.

ඒ වෙනුවෙන් 1929යන ළමා දුරකථන අංකය නොමිලයේ ඇමතුම් ලබා ගත හැකි බවත් ඒ අනුව ඕනෑම මොහොත මෙම දුරකථන අංකයට අදාළ පැමිණිලි යොමු කරන ලෙසද ඇය මහජනතාවගෙන් ඉල්ලා සිටියාය.

Social Sharing
නවතම පුවත්