රජුන් එපා! : NO KINGS – මහේෂ් හපුගොඩ

NO KINGS

නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍ර ව්‍යුහය තුලින්ම ගොඩනැගුණු වැඩවසම් රජෙක් සහ අත්තනෝමතික ඒකාධිපතියෙක් එපා යන තේමාව සහ නව ඇමෙරිකන් සංක්‍රමණ ප්‍රතිපත්ති සහ පොලිස් කඩාවැදීම් වලට විරෝධය පළකරමින් NO KINGS (රජුන් එපා!) තේමාව යටතේ තුන්වැනි වරටත් සංවිධානය කරන විරෝධතා මාලාව ඊයේ ඇමෙරිකාවේ නගර ගණනාවක පැවැත්වුණා.

මීට පෙර මෙම විරෝධතා පැවතියේ 2025 වසරේ ජූනි සහ ඔක්තෝබර් කාලයේ දී. මෙම විරෝධතා සහ වැඩවර්ජන මාලාව සංවිධානය කරනු ලබන්නේ Indivisible (නොබෙදුණු එකමුතුව) සහ 50501 සංවිධානය සහ තවත් සිවිල් සහ කම්කරු සංවිධාන ගණනාවක එකතුවෙන්.

NO KINGS

මේ සියල්ල ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනි ධූරකාලයේ සිදුවන අත්තනෝමතික සහ සමස්තතා යුධ වියරුවට සහ සංක්‍රමණිකයින්ට එරෙහිව සිදුවන ක්‍රියාවන්ට එරෙහිව මතුව ඇති සංවිධාන වේ.

1776 වසරින් පසුව අවසන් වූ වැඩවසම් රාජ්‍යත්වය පිළිබද අදහස නැවතත් අලුත් වටයකින් මෙසේ රෝග ලක්ෂණයක් ලෙස පැමිණීම ඇමෙරිකන් මෙන්ම ලෝකයේ සියළු නූතනත්ව ප්‍රගතිශීලී කොටස්වල අප්‍රසාදයට හේතුවී තිබේ.

මේ අනුව ට්‍රම්ප්ගේ දේශපාලන ප්‍රතිපත්ති ඇමෙරිකාව තුලම අභියෝගයට ලක්වීම මෙසේ ආරම්භ වී ඇති අතර ඇතිවී ඇති අභ්‍යන්තර සහ බාහිර පීඩනය සහ දේශපාලන අතාර්කිකත්වය හමුවේ ට්‍රම්ප්වාදය පසුපසට තල්ලුවීමට බොහෝ දුරට ඉඩ ඇති බවට දේශපාලන විචාරකයින් මත පළකරයි.

යුද්ධය එපා! රජවරු එපා!! මානව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රබුධත්වය වෙනුවෙන් පෙළගැසෙමු!! ❤

Social Sharing
අවකාශය නවතම