පිරිවෙන් යාමට ලබා දුන් ත්‍රී රෝද රථය හිමිනම කූට ලේඛන සකසා අලෙවි කරලා! 

කූට ලේඛන

ඉමදුව පැඟිරි හේන තියඹර හේන පදිංචි චන්ද්‍රා හේවා විතාරණ විසින් තම ගමේ විහාරස්ථානයෙහි, සාමණේර හිමිවරු පිරිවෙන්ට පයින් ගමන් කරන අයුරු දැක, අනුකම්පා සිතී, තම ත්‍රිරෝද රථය හිමිවරුන්ට පිරිවෙන් යාමට 2019 වර්ෂයෙහි ලබා දී ඇත.

ටික දිනකදී වාහනයේ දුම් පරීක්ෂාවට බව පවසා, රථයේ පොත රැගෙන ගොස් දින කිහිපයකදී පොත විතරක් මදි ඔයාගේ අත්සන ඕනෑ බව පවසා හිස් කොළයකට හිමිනම පැමිණ අත්සන ලබාගෙන ඇත.

2020 වර්ෂයේ විහාර ස්ථානයෙහි ත්‍රිරෝද රථය නොමැති බව හැඟී ගිය බැවින්, ඇය අවස්ථා ගණනාවකදී රෝද රථය තමන් වෙත ලබාදෙන ලෙස අදාළ හිමිනමගෙන් ඉල්ලීම් කළද, ලබා නොදීම හේතුවෙන්, ඇය විසින් 2024 වර්ෂයේ සැප්තැම්බර් මස 24වන දින ඉමුදුව පොලිස් ස්ථානයෙහි. CIB 2 -327/171 යටතේ පැමිණිල්ලක් සිදුකරන ලදි. සැප්තැම්බර් මස 27 වැනි දින පැමිණිල්ල විමර්ශන කටයුතු ඉමදුව පොලිස් ස්ථානාධිපතිගේ මූලිකත්වයෙන් සිදුකරනන ලදී.

එහිදී හිමිනම QJ 1257 දරණ ත්‍රී රෝද රථය තමන් විසින් අලෙවි කළ බව හිමිනම පිළිගන්නා ලදී. පැමිණිල්ල සම්බන්ධව විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරන බව ස්ථානාධිපති පැවසුවද එසේ සිදු නොවිණි.

පැමිණිල්ලට සාධාරණයක් ඉෂ්ට නොවූ බැවින් ඇය විසින් වර්ෂ 2025 සැප්තැම්බර් මස 01 වන දින ලිඛිත පැමිණිල්ලක් මගින් පොලිස්පතිතුමාට. විෂය භාර අමාත්‍යතුමාට ජාතික පොලිස් කොමිසමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලදී.

පැමිණිල්ලට අදාළව මූලික විමර්ශන කටයුතු සිදු කරන ලෙස අදාළ ආයතන ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා වෙත දැන් වුවද එසේ සිදුවනොමැත. මේ සම්බන්ධව වාර්තාවක් ලබාදෙන ලෙස විෂය භාර අමාත්‍යතුමාගේ ලේකම්තුමා ,අවස්ථා කිහිපයකදී ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දැනුවත් කළද එවැනි වාර්තාවක් ලබාදීම සිදුව නොමැත පැමිණිලි කළ අනෙකුත් ආයතනද වාර්තාවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කලද, වාර්තාවක් මේ දක්වා එම ආයතන වෙත ලබාදී නොමැත.

මෙම පැමිණිල්ල සම්බන්ධව විමර්ශනයක් නොවූ බැවින් 2025 නොවැම්බර් මස 07 වන දින නැවත අදාළ ආයතන වෙත පැමිණිලි යොමු කළද මේ දක්වා කිසිදු පරීක්‍ෂණ වාර්තාවක් තමන් වෙත ලැබී නොමැත.

මෙසේ අමාත්‍යතුමාගේ සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට, ගාල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය විසින් කරුණු වාර්තා නොකිරීම ගැටලු සහගත බව පැමිණිලිකාරිය පවසයි

“ඉමදුව” මානව හිමිකම් ප්රථමාධාර මධ්යස්ථානය – 0760943638

Social Sharing
අවකාශය නවතම