ලංකාව අපට ගැළපෙන සංවර්ධන මොඩලයක් නැවත සොයාගත යුතුය! – අජිත් පැරකුම් ජයසිංහ

ලංකාවට ගැළපෙන්නෙ ඔය සංවර්ධිත රටවල තියෙනවාය කියන විදියෙ තාක්ෂණික තත්වයන් අත්පත් කරගන්නට පුළුවන් shoddy production මට්ටමේ ‘low-grade’ කර්මාන්ත සංවර්ධනයක් නෙමෙයි.

එහෙම එකක්වත් සාක්ෂාත් කරගන්නට නම් අපි බලශක්තියේ, ජල සම්පාදනයේ සහ යටිතල පහසුකම්වල අති විශාල සංවර්ධනයක් කරන්නට වෙනවා. ඒ වගේම, කර්මාන්ත අපද්‍රව්‍ය කළමනාකරණය පැත්තෙන් අපි ඉන්නෙ තාම ළදරු මට්ටමක.

“අපනයන ආදායම 2028 වෙනකොට දෙගුණ කරනවා” වගේ මෝල් කතා කියන චතුරංගලා, හඳුන්ලා වගේ අයට තේරෙන්නෙ නැහැ, 2028දී නෙමෙයි කවදා හරි එම තත්වය කර්මාන්ත සංවර්ධනය හරහා අත්පත් කරගන්නට නම්, ඒ වෙනුවෙන් අපි කොච්චර දේ නැති කරගන්නට ඕනැද කියලා.

අපේ තිරසර සංවර්ධනය තියෙන්නෙ: අපේ පරිසරය, මුහුද, වායුගෝලය, වනාන්තර රැකගෙන, ලෝක ගැටලුවක් වන දේශගුණික විපර්යාසයෙන් අපට අසමානුපාතික විදියට මුහුණ දෙන්නට සිදු වී තිබෙන විපාකවලට විසඳුම් හොයාගනිමින් හෙමින් යන තිරසර ගමනක.

ඒකට කැමති අය විතරක් ලංකාවෙ ඉන්න ඕනැ!

බටහිර විදියෙ සංවර්ධනයක් අවශ්‍ය අය ඒ රටවලට යන එක දිරිගන්වන්න ඕනැ. ඒ අයට අවශ්‍ය අධ්‍යාපනික, වෘත්තීය සංවර්ධනය ලබාදෙන්නට ඕනැ. ඒ වගේම, යනකොට ඒ අය රටේ ඒ වියදම ගෙවලා යන්නට ඕනැ. ‘දෙන්නං කාසි’ බැහැ.

අපේ විදියට කැමති ලෝක ප්‍රජාවට මෙහෙට එන්නට පහසුකම් සපයන්න ඕනැ. සංවර්ධන මූලෝපායම නැවත අර්ථකථනය කරන්නට ඕනැ.

නව ලිබරල් සංවර්ධන මොඩලය මාලිමාවත් එක්කම පරාජය කරලා පෙට්ටියට ඇණ ගහන්න ඕනැ!

 

Social Sharing
පුවත්