පංසලේ ඡායාරූපය සමාජ මාධ්‍ය වෙත ගිය ඒක ගැනයි ප්‍රශ්ණ කලේ – ධනුෂ්ක රාමනායක (Video)

මේ දිනවල සමාජ මාධ්‍යයන් හි සැරිසරන ජනපති, අගමැති ඇතුලු රාජපක්ෂ පවුලේ ප්‍රධානීන් සිටින ඡායාරෑපය සංස්කරණය කරන ලද්දක් බව රජයට හිතවත් පාර්ෂව විසින් දිගින් දිගටම ප්‍රකාශ කර තිබුනි. ඊයේ ජාතික රූපවාහිනියේ පැවති විවාදයක ඒක්වු රජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාද ඡායරූප දෙකක් පෙන්වමින් රජයට හා රාජපක්ෂවරුන්ට මඩගැසීමට මෙවැනි ඡායාරෑපයක් සංස්කරණය කර සමාජ මාධ්‍යට ඒක්කර ඇති බවට විපක්ෂයට චෝදනා කළාය.

මේ ඡායාරෑපය සම්බන්ධව ප්‍රශ්ණ කිරීම සදහා හිටපු ආමත්‍ය පාඨලී චම්පික රණවකගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමණායක මහතා අද (17)ඩඋදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබුනි, මේ අතර, ආණ්ඩුව හිතවත් සමහර සාමජ මාධ්‍ය ආදල පිංතූරය සංස්කණය කර ඇත්තේ ධනුෂ්ක රාමණායක විසින් බවට හැගෙන පෝස්ටු කිහිපයක් ද සරිසරනු දුටුවෙමි.

නමුත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒලියට පැමිණි ධනුෂ්ක පවසන්නේ වන කතාවකි. ඔහු කියන්නේ ඡායාරූපය සැබෑ ඡායාරූපයක් බව මේ වනවිට තහවුරු වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය කරනු ලබන්නේ අදාල ඡායාරූපය අන්තර්ජාලය වෙත විවෘත වූයේ කෙසේද යන්න පිළිබඳව බවත්ය. ඔහුගේ සම්පුර්ණ කතාව පහත වීඩියෝව හරහා නැරඹිය හැක.

Social Sharing
නවතම