
-නීතිඥ ශිරාල් ලක්තිලක-
ආණ්ඩුව පෙන්වා ඇති ආපදාවේ නොසැලකිල්ල විද්‍යාත්මකව තේරුම් ගැනීමට මෙම විඩියෝව බලන්න. ජනතාව දැනුවත් කරන මෙම ගවේනශීලී සමාජ මාධ්‍ය වේදියාට ප්රගතිශීලී ජනතාවගේ ප්‍රනාමය හිමිවිය යුතුය.
ආපදා කළමනාකරණය පිලිබදව පාර්ලිමේන්තුව තුල සිදු කරන දහසකුත් වන වගාඩම්බර ප්‍රලාප මෙම විඩීයෝව බැලීමෙන් සුනුවිසිනු වනු නියතය.
මා විසින් අවධානයේ යුතුකම පිලිබදව මුහුනු පොතේ මීට පෙර ලියුදේ මෙම වීඩියෝව මගින් ඉදිරිපත් කරනු ලබන විද්‍යාත්මක සාධක මගින් තහවුරු කර තිබේ.
ගම්පල හා නුවර ආපදාවෙන් හානි වුනු ජනතාවට වන්දි නඩු පැවරීමට භාවිතා කල හැකි බරපතල විද්‍යාත්මක සාක්ෂි මේ තුල දැක්වෙන බව කිව යුතුව තිබේ.
මෙම වීඩියෝවට අනුව අවම වශයෙන් කොත්මලේ ජලාශය භාර නේවාසික ඉන්ජිනේරුවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කල යුතුව තිබේ.
දෙරණට ගිහින් තම වගකීම ඉටු කිරීම ගැන ප්‍රලාප කියු නලින්ද ජයතිස්ස ඇමති වරයාගේ හෟදසාක්ෂිය මෙම වීඩියෝව මගින් අභියෝග කොට තිබේ.
ඒ වගේම ආන්ඩුවේ නොසැලකිල්ල වසා ගන්නට දාර්ශනික අත්වැල් සැපයු මහාචාර්ය නිර්මාල් වැනි අයගේ මානව සහසංවේදීත්වය මෙම විඩියෝව මගින් ප්‍රශ්න කරනු ලබයි.
තම රජයේ නොසැලකිල්ල වසා ගන්න විද්‍යාත්මක ප්‍රබන්ද සමාජ මාධ්‍ය හරහා සංසරනය කරන ලද මාලිමා පාක්ෂිකයන්ට ලැජ්ජා හිතෙන උත්තරයක් මෙම වීඩියෝව මගින් ලබා දී තිබේ.
වාන් දොරටු විවෟත කොට කලින් ජලය මුදා හැරිය නොහැක්කේ මන්දැයි ඉංග්‍රීසියෙන් විස්තර කල වාරිමාර්ග ඉන්ජිනේරු වරයා මෙම වීඩියෝව බලා ලැජ්ජාවිය යුතුව තිබේ.
අප පාලනය කරන රාජ්‍ය කෙතරම් අවිද්‍යාත්මකද සහ අකාරයක්ෂමද යන්න මේ මගින් සනාථ කරයි.
ආපදා කලමනාකරන ජාතික කවුන්සිලය නොකැදවා විද්‍යාත්මක තොරතුරු රහිතව තම තීරන ගැනීමේ වගකීම අත්හරින ලද ජනාධිපති වරයාගේ නොසැලකිල්ල ස්ථාපනය කරනවා.
අවසාන වශයෙන් රටක් ලෙස අපි කෙතරම් අසරනද දුක්ඛිතද යන්න අපට හැගී යනවා.
අතීතයට සාප කරන මාලිමා පාක්ෂිකයන් තමන්ම තෝරාගත් පාලකයන් අතීතයෙන් පාඩම් ඉගෙන නොගෙන යන ගමනේ වන්දිය ජීවිත වලින් ගෙවා තිබේ.
පාස්කු ප්‍රහාරයෙන් උගත් පාඩම ගම්පල දී ක්‍රියාත්මක කරන්නට නොහැකිවුයේ අපගේ සමස්ත දේශපාලනය තුල පවතින මජරබව නිසා බව කිව යුතුව තිබේ.
දැන්වත් වෙනස්ව හිතමු. බලන්න මේ වීඩියෝව!
