
ජාතික ප්‍රමුඛතා උපාය මාර්ගයක් ලෙස රජය විසින් හඳුනාගනු ලැබ ඇති, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ‘e-Court’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව එම ක්‍රියාවලියේ මුල් අදියර ලෙස මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි නඩු ගොනු කළමනාකරණය සඳහා වෙබ් අඩවියක් සහ සබැඳි ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (e-CMS) හඳුන්වා දී ඇති අතර, එය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා.
මෙම ‘e-Court’ ව්‍යාපෘතියෙන් අපේක්ෂා කරනු ලබන්නේ එලෙස ශ්‍රේෂ්ඨාධිකරණය සඳහා එලෙස සංවර්ධනය කරන ලද අන්තර්ජාල වෙබ් අඩවිය සහ e-CMS පද්ධතිය අභියාචනාධිකරණය, අධිකරණ සේවා කොමිෂන් සභාව, විනිශ්චයකාරවරුන්ගේ ආයතනය ඇතුළු දිවයින පුරා විහිදී ඇති සියලුම අධිකරණ සඳහා ද ගැලපෙන පරිදි යොදා ගැනීමයි.
මේ අනුව, ජාතික අධිකරණ දත්ත ජාලයක් (National Judicial Data Grid) ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, දීර්ඝකාලීනව මෙරට අධිකරණ පද්ධතිය මුහුණ දෙනු ලබන නඩු ප්‍රමාදයන්, දත්ත විනිවිදභාවය නොමැතිකම සහ යුක්තිය සඳහා කාලෝචිත ප්‍රවේශයට බාධා කිරීමේ හා ක්‍රියාපටිපාටිමය අකාර්යක්ෂමතා එමඟින් මග හැරවීමට හැකි වනු ඇති බවටයි විශ්වාස කරනු ලබන්නේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය, 2026-2030 රාජ්‍ය ආයෝජන වැඩසටහන හා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ උපාය මාර්ගය සමඟ අනුකූල වෙමින් ‘c-Court’ ව්‍යාපෘතිය ඵලදායීව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන වලින් ‘e-Court’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 150ක ප්‍රතිපාදන අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලබා දීම පිණිසයි මෙසේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත්තේ.

