ආපදාවලින් විපතට පත්වූවන්ගේ ලිපි ලේඛන සකසා දීමට ජංගම සේවා ඇරඹේ!

ආපදාවලින් මියගිය සහ අතුරුදහන් වූවන් සඳහා මරණ සහතික නිකුත් කිරීම මෙන්ම, විනාශයට පත් උප්පැන්න සහ විවාහ සහතික පිටපත් නැවත ලබාදීම වෙනුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සංවිධානය කරන විශේෂ ජංගම සේවා දෙකක් දෙසැම්බර් 14 දින මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම කලාප කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන් මාලාවේ පළමු ජංගම සේවාව හෙට පෙරවරු 9.00 සිට උඩහේන්තැන්න, පරගල ජනපදයේ, අංක 01 කොටසේ පිහිටි දෙමළ මහා විද්‍යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මීට සමගාමීව සංවිධානය කර ඇති අනෙක් ජංගම සේවාව ද 14 පෙරවරු 9.00 ට ගම්පොළ, දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව මධ්‍යම පළාත් නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල් තරංගා කවිරාජ් මහත්මිය සඳහන් කරයි.

Social Sharing
අවකාශය නවතම