
අපරාධයකින් උපයාගත් බවට සැළකෙන විදේශිය රටවල පවතින වත්කම් නැවත පවරා ගැනීම සඳහා වු ක්‍රියාදාමයකට අවශ්‍ය තාක්ෂණික සහ විශේෂඥ සහයෝගය ලබාදීමට ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලය යටතේ පවතින ස්ටාර් ආයතනයේ උසස් නිලධාරීන් (StAR inititive) එකඟත්වය පළ කර ඇති අතර, ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පස්වරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී පැවැත්විණි.
අපරාධයකින් උත්පාදිත දේ නැවත පවරා ගැනීමේ ක්‍රියාදාමයට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය, අපරාධයකින් උත්පාදිත දේ නැවත පවරා ගැනීමේ පොලිස් කොට්ඨාශය, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව සහ මුල්‍ය බුද්ධි අංශය යන ආයතනවලට අවශ්‍ය සහාය ලබාදීමට ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ කාර්යාලය යටතේ පවතින ස්ටාර් ආයතනයේ ( StAR inititive) එකඟතාවය පළ කර තිබේ.
ස්ටාර් ආයතනයේ (StAR Initiative) ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥ, Laura Pop, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන මෙනෙවිය, අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්, මහාධිකරණ විනිසුරු රංග දිසානායක, ලෝක බැංකුවේ මෙරට රාජ්‍ය පාලනය පිළිබඳ විශේෂඥ Till Hartmann, ස්ටාර් ආයතනයේ උපදේශක Dmytro Kotlyar, ,ස්ටාර් ආයතනයේ විශේෂඥ Karen Greenaway, යන මහත්ම මහත්මීන් සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
