ජනවාරි සිට මත්ද්‍රව්‍ය නිසා 21 ට අඩු පිරිමි 5071ක් හා කාන්තා 93ක් අත්අඩංගුවේ.

විෂ-මත්ද්‍රව්‍ය

මෙම වසරේ ජනවාරි මස සිට මේ දක්වා කාලය තුල මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පාසැල් ළමුන් ඇතුළුව 21 අඩු පිරිමි ළමුන් 5071ක් කාන්තා ළමුන් 93ක් අත්අඩංගුවට ගෙන ඇති බව ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේදී අනාවරණය විය.

ආසන්න කාලය තුල පමණක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් 7 ක් හා පාසල් සිසුන් 42 ක් අත්අඩංගුවට ගෙන ඇති බවද එහිදී අනාවරණය වූ අතර,

  • අයිස් සම්බන්ධයෙන් කාන්තා ළමුන් 29ක් ද, පිරිමි ළමුන් 1662 ක්ද.
  • හෙරොයින් සම්බන්ධයෙන් කාන්තා ළමුන් 24ක් ද, පිරිමි ළමුන් 674ක්ද.
  • ගංජා සම්බන්ධයෙන් කාන්තා ළමුන් 22ක්ද..පිරිමි ළමුන් 2936 ක්ද.
  • මෝෆින් සම්බන්ධයෙන් කාන්තා ළමුන් 2ක් ද,

අත්අඩංගුවේ පසුවන බව එම අවස්තාවේදී මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා දත්ත මත පැහැදිලි කිරීමක් සිදු කළේය..

විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම අරමුණු කර ගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවැනි සැසිය ජනාධිපති ලේකම් කාර්යාලයේදි ඊයේ (25) පෙරවරුවේ පැවැත්විය.

එහිදී විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම පිළිබඳ මෙන්ම ඒවාට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරෙහිද වැඩි අවධානයක් යොමු කළ යුතු බව මෙහිදී අවධාරණය විය. මේ පිළිබඳව සියලු අදහස් එකතු කර ගනිමින් සියලු දෙනාට පිළිගත හැකි නව වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත්, එසේම, ඊට සම්බන්ධ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු ආයතන ඒකරාශි කර ගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කළ යුතු බවටද, පුනරුත්ථාපන කටයුතු සඳහා විධිමත් පුහුණු සංචිතයක් ගොඩනැගීමට ද යන කාරනා සාකච්ඡා විය.

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ඒ ඒ අවස්ථාවලදීම විනාශ කළ හැකි පරිදි නව නීති කෙටුම්පතක් ලබන මාර්තු වන විට සම්පාදනය කිරීම. විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහනට අනුබද්ධව ප්‍රාදේශීය මට්ටමෙන් සංවිධානය වන ආකාරයටම ආයතන මට්ටමින්ද කමිටු ගොඩනඟා ගනිමින් සියලු ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම කෙරෙහිද අවධානය යොමු විය.

 

Social Sharing
අවකාශය නවතම