ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණවලට ඉහළ ජාත්‍යන්තර සහයෝගයක්

ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ වසරේ  (2025) වාර්ෂික රැස්වීම්වලට සහභාගී වන අතරතුර ශ්‍රී ලංකා නියෝජිතයින් සහභාගී වූ ඉහළ මට්ටමේ සාකච්ඡා මාලාවේ දී ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් සඳහා ඉහළ සහයෝගයක් පළ වූ බව මහ බැංකුව පවසයි.

පසුගිය  ඔක්තෝබර් මස 13 සිට 18වන දින දක්වා ඇමෙරිකාවේ වොෂින්ටන්හි පැවති ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ වසරේ  (2025) වාර්ෂික රැස්වීම්වලට සහභාගී වන අතරතුර ශ්‍රී ලංකා නියෝජිතයින් සහභාගී වූ ඉහළ මට්ටමේ සාකච්ඡා මාලාවේ දී ශ්‍රී ලංකාවේ මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් සඳහා ඉහළ සහයෝගයක් පළ වූ බව මහ බැංකුව පවසයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නියෝජිත පිරිස, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්වි විය.

එම සාකච්ඡාවල දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය, ලෝක බැංකු සමූහයේ සභාපති, ආයතන ද්විත්වයේ ම ඉහළ පෙළේ නිලධාරීන් සහ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් හමු විය.

2025 වසරේ ලොව හොඳම බැංකු සම්මාන උළෙලේදී ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති  ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීර්තිමත් ‘ඒ’ශ්‍රේණිය” සම්මානයෙන් පිදුම් ලැබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම සම්මානය විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්තිය, මූල්‍ය පද්ධතියේ අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය තත්ත්වයන්ට මුහුණ දීමේදී මහ බැංකුවේ නායකත්වය අගය කිරීම සඳහා ලබා දී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත – දිවයින

 

Social Sharing
ආර්ථික නවතම