
කටුගත්තොට පදිංචි දිල්ෂාන් සුජිත් බණ්ඩාර නමැති වයස අවු.27ක තරුණයාව 2025.09.24 වන දින කටුගස්තොට පොලිසියේ නිලධාරින් නිවසට පැමිණ හොරකමක් හා මත්ද්‍රව්‍ය චෝදනාවක් ඇතැයි කියා බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇත. කිසිඳු මත්ද්‍රව්‍යක් සන්තකේ නොමැතිව අත්අඩංගුවට ගැනීම ප්‍රශ්න කල සුජිත් පියාට පොලිසිය පවසා ඇත්තේ සුජිත්ව සොයන්න පොලිසියට නොඑන ලෙසත්, අවොත් පියාවද කූඩුවට දමන ලෙසයි..
කෙසේ වෙතත් එදින රාත්‍රියේ දුරකථන ඇමතුමක් දී පුතා පොලිසියට එන ලෙස දැනුම් දුන් බවත්, පුතා බැලීමට රාත්‍රී 10.00ට පමණ පොලිසියට ගිය බව සුජිත්ගේ පියා පවසයි. එම අවස්ථාවේදී සුජිත් කුඩුවේ සිට ඇත. ඔහු කුඩුවේ යකඩ කූරු අල්ලා ගෙන නැගිටින්න උත්සාහ කර ඇතත්, නැගිටගන්න බැරිව කූඩුව තුල වාඩි වී කතා කර ඇත. කැම ගෙනත් දෙන්න හදන විට එපා කියා ප්‍රතික්ෂේප කර ඇත. පොලිස් නිලධාරින් හොදටම පහර දුන් බවත්, ඔහුට ඇවිදීමට නොහැකි බවත් පවසා ඇත.
ඉන් අනතුරුව නැවත 2025.09.25 වන දින උදෑසන 6.00ට පමණ සුජිත්ගේ පුතා බැලීමට කටුගස්තොට පොලිස් ස්ථානයට ගොස් ඇති අතර, එහිදී එහි සිටි පොලිස් නිලධාරියෙක් “පුතාව උසාවි දානවා” උසාවියට එන ලෙස දන්වා ඇත. පසුව සුජිත්ගේ පියා නැවත දහවල් 12.30 ට පමණ පොලිස් ස්ථානය ගොස් ඇත. එම අවස්ථාවේ සුජිත් කුඩුවේ සිට නැත. රිසවි එකේ සිටි නිලධාරියාගෙන් පුතා ගැන විමසු බවත්, කට උත්තරයක් ගැනීමට උඩට රැගෙන ගිය බව පවසා ඇත. එම අවස්ථාවෙි සුජිත්ගේ පියා උඩ මහලේ අපරාධ අංශයට යාමට ගොස් ඇත. එම අවස්ථාවේ සුජිත් පුටු දෙකක් මැදට මාංචු දමා බෙල්ල නමා එක් නිලධාරියෙක් ඔහුට අතින් පහර දෙන අයුරුත් සුජිත් වේදනාවෙන් කෑගසනවා දැක ඇත.
ඉන් ඉන්පසු සුජිත්ගේ පියා නුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත. එහි සිටි නිලධාරියා කටුගස්තොට පොලිසියට දුරකථන ඇමතුමක් ලබා දුන් බවත්, ඉන්පසු. “ඔයලා යන්න දැන් ගහන්නේ නැහැ” යනුවෙන් පැවසු බවත් සුජිත්ගේ පියා පවසයි.
2025.09.25 වන දින සවස 2.00 පමණ වන විටත් සුජිත්ව අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැති අතර, සුජිත්ගේ පියාට පොලිස් ස්ථානයට නොපැමිණෙන ලෙසත්, ආවොත් පියාවද අත්අඩංගුවට ගන්නා බවටත් තර්ජනය කර ඇත.
ඉන්පසු සුජිත්ගේ දෙමාපියන් 2025.09.25 වන දින මානව හිමිකම් කොමිසමේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයට සහ 1996 අංකය යටතේ ප්‍රධාන කාර්යයාලයට පැමිණිල්ලක් සිදු කර ඇති අතර, පොලිසියට මානව හිමිකමි කොමිසම කතාකළ පසුව සවස සුජිත්ව බැලීමට අවස්ථාව ලබා දී ඇත. එම අවස්ථවේ සුජිත් පොලිස් පහර දීම් හේතුවෙන් දුර්වල වී සිට ඇත.
එහිදී සුජිත්ගේ පියා සුජිත්ගේ ජංගම දුරකතනය ඉල්ලා ගන්න අපරාධ අංශයට ගිය අවස්ථාවේ එහි සිටි නිලධාරියෙක් පරුෂ වචනයෙන් බැන “තොපි මානව හිමිකමි ගියේ උන්ට කියලා පෝන් එක ඉල්ලා ගනිල්ලා. අපිට කෙලින්නනේ උඔලා ගියේ, 54 ගහලා ඇතුලට දානවා පුලුවන්නම් බේරගනිල්ලා. එන්න එපා උඹ, උඹටත් කුඩු දානවා. මට රොටි හදන්න තරම් කුඩු තියෙනවා කියා ප්‍රකාශ කර ඇත. පඩි පෙලෙන් තල්ලුකරලා දාන්න ඉස්සරවෙලා පලයං” කියා බැන තර්ජනය කර ඇත.
පසු දින එනම් 2025.09.26 උදේ සුජිත්ව අධිකරණයට ඉදිරිපත් කර ඇත. සුජිත් වෙනුවෙන් නීතිඥ ප්‍රියන්ත ගමගේ මහතා පෙනී සිටි ඇති අතර, ඔහුට විරුද්ධව අංක B28830/25 B28841/25 යටතේ සොරකම් නඩුවක් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට ව්‍යාජ නඩුවක් පවරා තිබුණි. එහිදී පොලිසියෙන් සුජිත්ව 2025.09.24 වන දින දහවල් 2.00 ට නිවසේදී අත්අඩංගුවට ගත් බවත්, පොලිසියෙන් පහර දී ඇති බවත්, අත්අඩංගුවට ගැනීමේදී කිසිදු මත්ද්‍රව්‍යක් සුජිත් සන්තකයේ නොතිබූ බවත්, එය ව්‍යාජ නඩුවක් බව අධිකරණය හමුවේ ප්‍රකාශ කරන ලදි.
එහිදී අධිකරණයේ පෙනී සිටි කටුගස්තොට පොලිස් නිලධාරියා විසින් සුජිත්ව 2025.09.24 වන දින අත්අඩංගුවට ගත් බවත්, එදින සවසම පොලිස් ඇප මත මුදා හැරිය බවත්, 2025.09.25 දින නැවත අත්අඩංගුවට ගත් බවත් ප්‍රකාශ කරන ලදි. එහිදී සුජිත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා එය බොරුවක් බවත්, 2025.09.25 වන දින 3.15 පමණ මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමෙන් පසුව මානව හිමිකමි කොමිසම පොලිසියට කතා කිරිමෙන් පසුව ගොතන ලද බොරුවක් අධිකරණය හමුවේ පවසා ඇත. එ
පොලිසියෙන් සුජිත්ව අධිකරණ වෛද්‍යවරයෙකුට යොමු කල බව පැවසුවද නීතිඥ මහතා එය පිළිගැනීමට සුදානම් නොවූ බැවින් බන්ධනාගාරය මඟින් අධිකරණ වෛද්‍යවරයෙකුට යොමු කරන ලෙස නියෝගයක් දෙන ලෙස ඉල්ලා සිටින ලදි.
2025.09.24 වන දින දහවල් 2.00ට පමණ බවත්, එදින සිට 2025.09.26 වන දින සුජිත්ව අධිකරණයට ඉදිරිපත් කරන තෙක් පොලිසියේ රඳවා සිටි බවත්, එම අවස්ථාවේදී සුජිත්ට පහර දී වදහිංසා කර ඇති බවත්, සුජිත්ට පහර දීම පියා දැක ඇති බවත්, පොලිස් පහර දීම් මත සුජිත් අසනීපව අමාරුවෙන් සිටි බවත්, අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මත්ද්‍රව්‍ය නොතිබූ බවත්, පියා හා එම අවස්ථාවේ නිවසේ සිටි අය පවසා සිටියි.
2025.09.26 වන දින සුජිත් පොලිස් පහර දීම මත අසනීප වී ඇති අතර, බන්ධනාගාරයෙන් සුජිත්ව මහා නුවර රෝහලට ඇතුලත් කර ඇත. 2025. 09. 27 වන දින උදේ බන්ධනාගාරය නිලධාරියෙක් ඒ බව දුරකථනයෙන් දැනුම් දුන් බව සුජිත්ගේ පියා පවසයි. ඒ අනුව මහනුවර රෝහලේ 3 වන වාටිටුවේ සුජිත් ප්‍රතිකාර ලබයි. පොලිස් පහර දිම මත පපුව රිදෙන බව පුතා මා සමග පැවසු බව ප්‍රකාශ කර සිටිමි.
මේ අනුව සුජිත්ගේ දෙමාපියන් ඉල්ලා සිටින්නේ තම පුතා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන පහර දී නීති විරෝධී ලෙස රඳවා තබාගෙන අධිකරණයට ඉදිරිපත් කර ව්‍යාජ නඩු පැවරීම සම්බන්ධව කටුගස්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ නිලධාරීන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා ලෙසයි. ඒ අනුව මේ වන විට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිමය සහාය මේ වන විටත් ලබා දී ඇත.
