අපේ පර්යේෂණ වැරදි මතවාද වලට යොදා ගන්න එපා! – මහාචාර්ය නීලිකා මලවිගේ

මෙවර මෙරට ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස ප්‍රභේදය යුරෝපයේ හමු වූ වෛරස් ප්‍රභේදයට බොහෝ සමාන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුලු කණ්ඩායම පහුගිය සති අන්තයේ අනාවරණය කර තිබුණි. ඒ ඇය මේ වෛරසය සම්බන්ධයෙන් සිදු කළ පර්යේෂණයකින්  අනතුරුවය.

නමුත් මෙහිදී ඇතැම් පාර්ශව එය ප්‍රසිද්ධ කිරීමට උත්සුක වූයේ මෙම වෛරසය අප රටට යුරෝපයෙන් පැමිණි එකක් බව අඟවමිනි. යුරෝපයෙන් පැමිණි පිරිසක් මෙරට  නිරෝධායනය  වන අවස්ථාවේදී එය ව්‍යාප්ත වූ බවට පහුගිය දිනවල ඇතැම් මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි.

නමුත් මේ සම්බන්ධයෙන් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නේ දැන් ඇති වෛරසය යුරෝපයේ වෛරස් ප්‍රභේදයට සමාන වුවත් එය යුරෝපයෙන් මෙරටට පැමිණි බව නිගමනය කළ නොහැකි බවය. ඇතැම් විට මෙම වෛරසය ඉන්දියාවෙන් වුවද පැමිණිය හැකි බවත් මෙය යුරෝපයේ වෛරසය ලෙස සලකන්නේ එය පළමුවෙන්ම යුරෝපයෙන් හඳුනාගත් නිසා බවද ඇය මව්බිම වෙත ප්‍රකාශ කර තිබුණාය.

සිය පර්යේෂණයේදී ජානමය පර්යේෂණයක් සිදු කළ බවත් එයින් වෛරසය පැමිණි රට නිගමනය කිරිමේ හැකියාවක් නොමැති බව ද ඇය එහිදී ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම සිය පර්යේෂණය වැරදිමතවාද ඉදිරිපත් කිරීම සඳහා භාවිතා නොකරන ලෙසත් ඇය ඉල්ලා ඇත.

එම ලිපිය සම්පුර්ණයෙන්

https://mawbima.lk/news-more/73257?fbclid=IwAR3r042UcEwDcWPVC-gwm3crbS4DOlOa9JdIpXtXrE0cgXn

Social Sharing
නවතම