
ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) මෙරට ජාතික අධ්‍යාපන විෂය මාලාවට ‘නීතිය’ විෂයයක් ලෙස හඳුන්වා දෙන මෙන් රජයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී ඇත්තේ, ප්‍රාථමික අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් ලෙස සහ අ.පො.ස. උසස් පෙළ විභාගයේ දී තේරීම් විෂයයක් ලෙස නීතිය හෝ ඒ හා සමාන විෂයයක් ඇතුළත් කිරීමේ අවශ්‍යතාවක් ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.
සිවිල් දැනුවත්භාවය සහ ප්රජාතන්ත්රවාදී සහභාගීත්වය සඳහා ප්‍රධාන පදනමක් ලෙස පිළිගනිමින් බොහෝ රටවල් දැනටමත් තම පාසල් පද්ධතිවලට නීතිය හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කර ඇත. අධ්‍යයන අදාළත්වය සහ සංස්කෘතික අදාළත්වය සහතික කිරීම සඳහා විෂයමාලා සැලසුම් කිරීමට සහ සමාලෝචනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට සහාය වීමට සංගමය සූදානම් බව ද ප්‍රකාශ කර තිබේ.

