අවදානම් සහගත ළමුන් 14,500ක් සමාජය තුළ සිටිනවා – පොලිස්පති

අවදානම් සහගත ළමුන් 14,500ක් පමණ සමාජය තුළ සිටින බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි. කොළඹ උතුර කොට්ඨාසයේ ළමා හා කාන්තා කාර්යාංශ නව ගොඩනැගිල්ල ඊයේ (21 වැනිදා) විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී පොලිස්පතිවරයා මෙසේද කීවේය.

“මෑතකදී සමීක්ෂණයක් කළා ලංකාවෙම අවදානම් සහගත ළමුන් කොච්චර ඉන්නවද කියලා. මුල් අවස්ථාවේදී අනාවරණ වුණා අවදානම් සහගත ළමුන් 7,500ක් පමණ ඉන්නවා කියලා. අපි නැවත සිදුකළ සමීක්ෂණයේදී අනාවරණ වුණා ළමුන් 14,500ක් පමණ අවදානම් සහගත ළමුන් සමාජය තුළ ඉන්නා බව. ඒත් සැබෑ සංඛ්‍යාව ඊට වඩා වැඩියි. ඊට පිළිතුරු සපයන්න වෙන්නේ ඔවුන් අවදානම් තත්ත්වයෙන් වින්දිතයන් වුණාට පස්සෙයි. පොලිසිය ලෙස පියවරක් ගත්තා අවදානම් සහගත ළමුන් තොරගෙන අවශ්‍ය රැකවරණය ලබාදී වින්දිතයන් නොවී තියාගන්න ඕනේ කොහොමද කියලා. ළමයි තමයි ඉදිරි අනාගතය. ඔවුන්ව සුරැකීම අපේ වගකීම.”

  • අරුණ
Social Sharing
නවතම පුවත්