
ශ්‍රී ලංකාවේ ළමා මෙහෙකාර සේවයේ සහ වීදි දරුවන් වශයෙන් සිටි දරුවන් 300 දෙනෙකු මාසයක් ඇතුළත සොයාගත් බවත් ඉන් 26 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් සොයාගත් බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් සඳහන් කරයි.
ඒ අනුව ළමා ආරක්ෂණ අධිකාරියට ලැබුණු තොරතුරු අනුව මෙම දරුවන් සොයාගත් බවත් ඔවුන්ගේ රැකවරණය සහතික කළ හැකි භාරකරුවන් සොයා ඔවුන්ට එම දරුවන් භාරදෙන බවද අමාත්‍යවරිය සඳහන් කර ඇති බවට වාර්තා වේ.
එම දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු නිවැරදිව පවත්වාගෙන යාමටත් ඊට පහසුකම් ලබාදීම සඳහා රජය මැදිහත්වන බවද සරෝජා පෝල්රාජ් පවසා ඇති අතර මීට අමතරව මෙම දරුවන් ළමා මෙහෙකාර සේවයේ යෙදවීමට සහ වීදිවල යෙදවීමට කටයුතු කරනලද පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරිය සඳහන් කර තිබේ. ළමා මෙහෙකාර සේවය වැළැක්වීමට සහ වීදි දරුවන් සිඟමනේ යෙදවීම වළැක්වීම සඳහා ළමා ආරක්ෂණ අධිකාරිය විසින් නිරන්තරයෙන් සොයාබලන බවද සරෝජා පෝල්රාජ් අමාත්‍යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
