සූදූ නියාමන පනත් කෙටුම්පත වත්මන් ස්වරූපයෙන් සම්මත කිරීම දූෂණයට මඟ පැදීමක් – සුදාරක ආරියරත්න

සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පත වත්මන් ස්වරූපයෙන් සම්මත කිරීමෙන් සිදුවන්නේ තවත් දූෂණයට සහ අසාධාරණ ලාභ ඉපැයීම් සඳහා හේතු පෑදීමක් බවත් එම තත්ත්වය ජාතික ජන බලවේග ආණ්ඩුවේ දුෂණ විරෝධී අරමුණුවලට පටහැනි බවත් ඇඩ්වොකාටා ආයතනයේ පර්යේෂක සුදාරක ආරියරත්න චෝදනා කරයි.

ඔහු සඳහන් කර සිටින්නේ පනත කඩිමුඩියේ සම්මත කිරීම වෙනුවට රජය සිංගප්පූරුව, පිලිපීනය සහ මැකාටු වැනි පළපුරුදු රටවලින් උපදෙස් ලබාගත යුතු බවත් සම්මත කිරීමට යන පනත් කෙටුම්පතේ ඇති අඩුපාඩු නිසා දුර්වල නියාමකයෙකු නිර්මාණය වීමේ ඉඩ ඇති බවත් ය.

සූදු නියාමන අධිකාරි පනත් කෙටුම්පතේ පවතින අඩුපාඩු නිසා ශ්‍රී ලංකාවට තරගකාරි කලාපීය ක්‍රීඩකයෙකු ලෙස ස්ථානගත වීමට නොහැකි වී ඇති බවත් කියයි.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නියාමනය සඳහා ගනු ලබන පළමු උත්සාහය වන බැවින් පසුකාලීනව බලවත් අයගේ බලපෑම් ඇති වී මුල් බැසගත් නීති සංශෝධනය කිරීමට වඩා දැන්ම එය නිවැරදිව සකස් කොට ලබා ගැනීම වඩාත් පහසු බවයි ඔහු මෙහිදී පෙන්වා දෙන්නේ.

 

Social Sharing
අවකාශය නවතම