වතුකරේ ප්‍රශ්න දිග්ගැස්සුනු එකක් ඒ සඳහා කඩිනම් නීති ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථනය සහ හැටන් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය හා එක්ව ප්‍රදේශීය නීතිඥ එකමුතුව පවත්වන ලදි. මෙහිදි ප්‍රාදේශීයව පවතින මූලික ගැටලු ගණනාවක් පිලිබඳ සාකච්ජා වූ අතර විශේෂයෙන්ම ඉඩම් ගැටලු, ලිපින ගැටලු සහ සුබසාධන ගැටලු සම්බන්ධව සාකච්ජා කරන ලදි.
පසුගිය කාලවකවනුව තුළ වතු ජනතාවට ඉඩම් බෙදාදීමේ වැඩසටහන මේ වන විට සම්පූර්ණයෙන් අඩාල වී ඇති බවත් නිවාස සඳහා ලිපිනයක් නොමැතිවීමේ ගැටලුව තවමත් මුහුණ දෙමින් සිටින බවද මෙහිදි සාකච්ජා විය. එමෙන්ම දැනට පවතින වැවිලි මානව සංවර්ධන භාරය (Plantation Human Development Trust) ආයතනය ස්වාධීන කටයුතු කිරීමක් ගැටලුවක් පවතින අතර කලින් කලට බලයේ සිටින අය සහ වතු පාලකයින්ගේ අභිමතය පරිදි ක්‍රියාත්මක වන බව පවසා සිටියා. එමෙන්ම, වතු සමාගම් සමුහික ගිවිසුම් වලින් ඉවත්වීම හරහා වතු ජනතාවගේ අර්ථසාධක අරමුදල් ඇතුළු සුබ සාධන වැඩසටහන් සියල්ල අඩපන වි ඇති අතර ඒ හරහා වතු කම්කරුවන්ගේ ආර්ථිකමය අයිතිවාසිකවල විශාල ගැටලුවක් උද්ගත වී ඇති ද සාක්ච්ජා විය.

අනෙකුත් ප්‍රධාන ගැටලුව ලෙස සාකච්ජා වූයේ ප්‍රදේශය සභාවට මැතිවරණ සඳහා චන්දහිම්න් ලෙස වතු ජනතාව ජන්දය ලබා දුන්නද, ඔවුන්ට රාජ්‍ය ව්‍යූහය හරහා ප්‍රතිලාභ සෘජුව ලබාදීමේදී වතු හිමියන් සහ කලමාකාරීත්වයේ මැදිහත්වීම සහ ඔවුන්ගේ අවසර ලබා ගැනීමට සිදුවීම නිසා නිසි ලෙස ඔවුන් වෙත ප්‍රතිලාභ ලගාවීමේ අර්බුදයක් ඇති වී තිබෙන බවද එම නීතිඥවන් විසින් ප්‍රකාශ කර සිටියා. මේ වතුකරේ ප්‍රශ්ණ දිග්ගැස්සුනු එකක් ඒ සඳහා කඩිනම් නීති ප්‍රතිසංස්කරණයක් හරහා පමණක් විසදුම් සෙවීම සිදු කල හැකි බවද, ඒ සඳහා නිතී වෘත්තීකයින් ඇතුළු රජ්‍ය නොවන ව්‍යූහය සහ පුරුඅවැසියන්ගේ සෘජු මැදිහත් වීම අවශ්‍යතාවයක් පවතින බවද අවසන් වශයෙන් ඔවුන් ප්‍රකාශ කර සිටියා.

ඔවුන්ගේ වතු ගැටලුව සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද වීඩීයෝව පහතින්

Social Sharing
අවකාශය නවතම