ඔබේ තැන්පතු ගැන ප්‍රවේශමෙන්! මහ බැංකුව අනතුරු අඟවයි!

මහ බැංකුවේ ලියාපදිංචි වී තිබෙන මූල්‍ය සමාගම් තිස් නමය අතුරින් අටක්,  ඒවා පවත්වාගත  යුතු අවම ප්‍රාග්ධන ප්‍රමාණය පිලිබද කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම නිසා, එය සපුරා ගැනීම සඳහා කාල දිගුවක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ආර්පිකෝ ෆිනෑන්ස් සමාගම, ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් සමාගම, බිම්පුත් ෆිනෑන්ස් සමාගම, කැන්රිච් ෆිනෑන්ස් සමාගම, මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා සහ ෆිනෑන්ස් සමාගම, රිචඩ් පීරිස් ෆිනෑන්ස් සමාගම, සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගම සහ යූබී ෆිනෑන්ස් සමාගම මහ බැංකුව විසින් නිකුත් කළ ප්‍රසිද්ධ නිවේදනයක් මගින් නම් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව තම බලපත්‍රලාභී මුදල් සමාගම් නියාමනයේ යෙදෙමින් ඒවායේ අවම ප්‍රාග්ධනය, අවම ද්‍රවශීලතාව සහ ප්‍රතිපාදන වෙන් කිරීම්, සහ සාංගමික යහපාලන අවශ්‍යතා මගින් ගනුදෙනු කරුවන්ගේ සුරක්ෂාව සදහා ඒවායේ ස්ථායිතාව සහතික කර ගැනීමට මැදහත් වෙයි.

මහ බැංකු නිවේදනයේ දැක්වෙන පරිදි  මේ සමාගම් අටට අමතරව නේෂන් ලංකා ෆීනෑන්ස් සමාගමත් අවශ්‍ය අවම ප්‍රාග්ධන ප්‍රමාණය පිලිබඳ කොන්දේසි වලට අනුගතව ක්‍රියාකර නැති අතර, තවම තමන්ගේ ප්‍රාග්ධන සමුච්චය වර්ධනය කිරීමේ සැලසුම් ලබා දී නැත.

කෙසේ වෙතත් මේ සමාගම් විසින් තිබිය යුතු අවම ප්‍රාග්ධන සමුච්චයේ ප්‍රමාණවත් නොවන තතු යටතේ, ඒවායේ මුදල් තැන්පත්කරුවන් සැලකිය යුතු මට්ටමේ අවදානමකට මුහුණ පානු ඇති බවද මේ ප්‍රසිද්ධ නිවේදනය අවධාරණය කරයි.

එසේ හෙයින් මහ බැංකුව ජනතාවට  උපදෙස් දෙන්නේ, මේ ලියාපදිංචි මුල්‍ය සමාගම් (LFCs) වල මුදල් තැන්පත් කීරීමේ දී තම අරමුදල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රවේසම් වන ලෙසත්  අනවසර ආයතන හා පුද්ගලයන් වෙත අරමුදල් තැන්පත් කිරීමෙන් වැලකී සිටින ලෙසත්ය.

2021 දී ක්‍රියාවට නැංවීමට කාල නිර්ණය වී ඇති, ප්‍රාග්ධන ශක්තිය ඉහල නැංවීමේ (ප්‍රාග්ධනායනය) දැඩි අවශ්‍යතාවය සපුරාගැනීමේ  ඉලක්ක ඉදිරිපත් කර ඇති තතු යටතේ, සමාගම් ඒකාබද්ධ කිරීම සදහා වන අමතර පීඩනයකට ශ්‍රී ලංකාවේ මූල්‍ය හා කල්බදු අංශයේ සමාගම් මුහුණ දීමට නියමිතය.‍

ඒ අනුව ලියාපදිංචි මුල්‍ය සමාගම් වෙත වර්තමානයේ දී තිබිය යුතු රුපියල් බිලියන 2 ක් වන නියත ප්‍රාග්ධන අවශ්‍යතාවය 2021 ජනවාරි  පළමු  වැනිදා සිට රුපියල් බිලියන 2.5 දක්වා වන වැඩි කෙරෙයි. එම වැඩි කළ ප්‍රාග්ධන අගය මෙම සමාගම් විසින් සම්මුඛ කරගැනීම අවශ්‍ය වෙයි.

ලියාපදිංචි මුල්‍ය හා කල්බදු සමාගම් විසින් පවත්වාගෙන යායුතු අවම පළමු ස්ථර ප්‍රාග්ධන අනුපාතය, 2020 ජූලි 01 සිට 6.5% සිට 7% දක්වා ඉහල ගිය අතර, 2021 ජූලි 1 වන විට 8.5% දක්වා තවදුරටත් ඉහල යාමට නියමිතය.

ලියාපදිංචි මුල්‍ය හා කල්බදු සමාගම් විසින් සිය තැන්පතු, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්ථාපිත කර ඇති, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය (SLDILSS) යටතේ රක්ෂණය කළ යුතුය.

දැනට, යම් ලියාපදිංචි මුල්‍ය හා කල්බදු සමාගමක් අත්හිටුවීමක් හෝ අවලංගු කිරීමක් සිදුවන අවස්ථාවකදී, එක් තැන්පත් කරුවෙකුට රුපියල් ලක්ෂ 6ක උපරිමයක් දක්වා මෙම තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය මගින් නැවත තැන්පතු ගෙවීමව සිදු කරනු ඇත.

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පී එල් සී, ද ස්ටැන්ඩඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් පී එල් සී සහ TKS ෆිනෑන්ස් ලිමිටඩ් යන මෑතක දී බලපත්‍ර අවලංගු කරන ලද මුදල් සමාගම්වල තැන්පතුකරුවන්ට ඉහත යෝජනා ක්‍රමය යටතේ, රුපියල් ලක්ෂ හයේ  සීමාවට යටත් ව තැන්පතු නැවත ගෙවීම සිදු කරනු ලබන බවත්,. තව ද ඉහත සඳහන් කරන ලද සමාගම් ඈවර කිරීමෙන් පසු ව ඒවායේ වත්කම් විකුණා දැමීමෙන් ලැබෙන ආදායමෙන් ද තැන්පත්කරුවන්ට ගෙවීමක් කිරීමට හැකියාවක් තිබිය හැකි බවත්  මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.

Social Sharing
නවතම