මා ඉදිරිපිටම පුංචි අම්මාට පොලීසියෙන් ගැහැව්වා – මිය ගිය චාන්දනීගේ ඥාති දියනියක් පවසයි

සිවිල් පිට පැමිණි හික්කඩුව පොලීසියේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මා ඉදිරිපිට දීම මාගේ පුංචි අම්මාට පහරදුන් බවත්, ඈ ඊට විරෝධය පෑ විට අසල තිබෙන බිත්තියේ වැදෙන ලෙස වැරෙන් තල්ලුකර දැමූ බවත් හික්කඩුව, කළුපෙ, මුනුගොඩ පදිංචිව සිටි 51 හැවිරිදි චාන්දනී හදුන්නෙත්තිගේ මරණය සම්බන්ධව සිද්ධිය ඇසින් දුටු ඇයගේ ඥාති දියනියක් වන දිනේෂිකා පවසයි.

පසුගිය ඔක්තෝබර් 13 වන දින රාත්‍රී 7.30ට පමණ ඉහත මිය ගිය තැනැත්තිය සිය සොයුරිය ගේ නිවසට පැමිණි සිටි අවස්ථාවේ රීප් රථයකින් පැමිණි හික්කඩුව පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් කිසියම් පුද්ගලයෙකු ඒම ස්ථානයට පැමිණියා දැයි විමසා තිබේ. ඒවැනි කෙනෙක් නොපැමිණි බව ඔවුන්ට පැවසූ විට මිය ගිය චාන්දනී දැක ආ .. උඔත් මෙහෙද කියා ශ්‍රිමාල් නැමති පොලිස් නිලධාරියා විමසා ඇත.

ඒවිට චාන්දනි විසින් ශ්‍රීමාල් නැමති පොලිස් නිලධාරියා පෙන්වා මේ.. මාගේ චෙන් එක සොරකම් කරගෙන ගිය එක හොරගෙඩියෙක් තමයි මෙයා යැයි කියා ඇත. එහිදි ශ්‍රිමාල් නැමති නිළධාරියා මෙයත් අපිට අවශ්‍ය කෙනෙක් කියමින් නංගි මෙයාව පරික්ෂා කරන්න යැයි ඔවුන් සමග සිටි පොලිස් කාන්තාවට පවසා තිබේ. ඉන් පසු ඒම කාන්තා පොලිස් නිලධාරිනිය විසින් චාන්දනිගේ අතේ තිබු බැගය ද උදුරාගෙන පරික්ෂා කර ඇත.

ඉන්පසුව චාන්දනිගේ ශාරීරය පරික්ෂා කරන්න හදන විට මොන වැඩක්ද මෙි, අපි ඉන්නේ අපේ ගෙදරනේ යනුවෙන් කැගසා ඇත. එහිදි කාන්තා පොලිස් නිලධාරිනිය බලහත්කාරයෙන් චාන්දනි ව පරරීක්ෂා කිරිමට යැමේ දි චාන්දනි විසින් පොලිස් නිළාධාරිනියව තල්ලු  කර තිබේ.

ඒවිට ඒහි සිටි සිල්වා නැමති පොලිස් නිලධාරියා චාන්දනිගේ කොන්ඩයෙන් අල්ලාගෙ  ගහපන් නංගි යැයි කාන්තා නිළධාරිනියට පවසා ඇත. ඉන් පසුව කාන්තා නිලධාරිනිය චාන්දනිට හරදි ඇත. පසුව අනිත් නිළධාරින් චාන්දනී අල්ලාගෙන මාංචු දැමිමට උස්සාකර ඇත. එම අවස්ථාවෙි වාන්දනි එය වැලකවිමට යැමේ දී ඇයට අනෙක් පොලිස් නිලධාරින් පහර දුන් බව දිනේෂිකා පවයි.

ඒසේ ඇයට පහර දෙන අවස්ථාවෙිදි දිනේෂිකා විසින් ඇය බේරාගැනිමට උත්සහ කළ බවත්, ඇයව ද පොලිස් නිලධාරින් විසින් පසෙකට තල්ලු කර දැමූ බවත් ඒ් අවස්ථාවේ ඇයව බිත්තියේ ගොස් වැදුන බව පවසයි.

පසුව චාන්දනීව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රැගෙන ගොස් ඇති තිබේ. ඒ් මොහොතෙම ඇගේ ලේලියක් වන නදිකා හික්කඩුව පොලීසිට ගොස් තිබේ. ඒ අවස්ථාවේ තම නැන්දනිය කෑගසන ශබ්දය පොලීසි තුළින් ඇසී ඇති අතර, ඇය බැලීමට අවස්ථාව ලදී නැත. පොලීසිය තුළ ඇය රැදී සිටි ඇති අතර ටික වේලාවකින් ඇගේ කෑ ගැසීම නැවතී තිබේ.

ඊට පසු දින පාන්දර (14) චාන්දනිව බැලිමට දිනේෂිකා ඇයගේ අක්කගේ දුව සමග හික්කඩුව පොලිසිය වෙත  ගොස් ඇති නමුත් ඒහි සිටි පොලිස් නිලධාරියෙකු පවසා ඇත්තේ..  ඇයට අසනීප වී 1990 ගිලන් රථයෙන් කරාපිටිය රෝහල වෙත ගෙන ගිය බවත්ය.

ඒ අනුව ඔවුන් ඒ් අවස්ථාවේම කරාපිටිය රෝහලට ගොස් ඇති අතර, ඒහි දී චාන්දනි සිහිසුන්ව දැඩි සත්කාර ඒකකයට ඇතුලත් තිබුනි. ඇයගේ කොන්ඩය පැත්තක් ඉවත් කර තිබෙනු දැක ඒ පිලිබදව එහි සිටි නිලධාරිනියකගෙන් ඒ පිළිදව විමසු විට පවසා ඇත්තේ මොලයේ සැත්කමක් කළ බවයි.

2020 ඔක් 14 සිට 16 වන දින දක්වා ඇය දැඩි සත්කාර ඒකකයේ සිට ඇත . ඥතින් බැලිමට දිනපතා  ගියද චාන්දනිට සිහිය පැමින නැත. චාන්දනි 2020.10.16. වන දින මිය ගොස් ඇත. මරණ පරික්ෂනය කරන ලද අධිකරන වෛද්‍යවරයා පවසා ඇත්තේ මොලයට සම්බන්ධ නහරයක් පුපුරා යාම නිසා මරණය සිදුව ඇති බවයි. ශරිරයේ කොටස් රස පරික්ෂනක  වෙත යොමුකල බවත් පවසා තිබේ.

පොලිසිය චාන්දනි කුඩු ගිල්ල බවට කියන චෝදනාව ට ඥතින් පවසන්නේ වෛද්‍ය වරයා විසින් ඒ සම්බන්ධව කිසිවක් ප්‍රකාශ නොකළ බවත් ඒවැනි කිසිදු දෙයක් හමු නොවූ බවයි.

දිනේෂිකා ඇතුළු ඥතින් පවසන්නේ පොලිස් නිලධාරින්ගේ හිංසාව නිසා චාන්දනි අසනිප වු බවත්ය. ‍ඇයට වෙනත් රෝගි තත්වය නොතිබූ  බවත්ය.   මේ සිද්ධිය සම්බන්ධව පොලිස් සහන මැදිරියට හා  මානව හිමිකමි කොමිසමට පැමිනිලි කර තිබේ.

මෙම සිද්ධියට පසුබිම් වී තිබෙන්නේ මීට අවුරරුදු 5කට පමණ පෙර චාන්දනීගේ නිවස පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවක මෙම ශ්‍රිමාල් නැමති පොලිස් නිලධාරියා ද ඒහි පැමිණ තිබූ බවත්, ඒ් අවස්ථාවේ ඇයගේ රත්ත්‍රන් මාලයක් සොරාගැනීම සම්බන්ධව පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ක් අනුව ඉහත නිලධාරියා වැඩ තහනමට ලක් වීමත් නිසා, ඊට පළිගැනීමක් ලෙස මෙම සිද්ධිය සිදු වන්න ඇති බව දිනේෂිකා පවසයි.

Social Sharing
නවතම