“සෞඛ්‍ය අංශ දුර්වලයි” සජිත් – “සෞඛ්‍ය අංශ විධිමත්” පවිත්‍රා

2020 ඔක්තෝම්බර් මස 21 වෙනි දින මේ වන විට පවතින පාර්ලිමේන්තුව ආරම්භ වන අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කුලියාපිටියේ පවතින තත්ත්වය අවධානම් බවත්, කෝවිඩ් පරීක්ෂණ අඩාල වී ඇති බව වෛද්‍ය අංශ දැනුම් දුන් බවත්, ඒ වගේම රට පුරා කොරෝනා 19 වසංගතය පැතිර යන බවත්, සෞඛ්‍ය අංශ දුර්වල වී ඇති බවට ඔවුන් දැනුම් දුන් බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

නමුත් එහිදී පිළිතුරු දීමට නැගී සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් තත්ත්වය පාලනය කර ඇති බව හා විපක්ෂ නායකයා ද යාල සිටියදී දෙවන පෙළ කෝවිඩ් 19 ආසාදිතයෙක් බවට දැනුම් දීමක් ක්ෂණිකයකින් කළ හැකි වූ බවත් එවැනි විධිමත් ක්‍රමවේදයක් තමන් සතුව ඇති බවත් ඇමතිනිය පැවසුවාය.

වෛද්‍ය අංශ කෝවිඩ් 19 වසංගත තත්ත්වයක් ඇති වී තිබෙන බව ප්‍රකාශ කළ ද ඇමතිනියත් රජයත් එය පිළිගැනීමට අකමැති විය. නමුත් යථාර්තය එය නොවන බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා විසින් විවාදයක් ඉල්ලීමක් කළ අතර, එය ඔක්තෝම්බර් මස 23 වෙනි දින පැවැත්වීමට තීරණය විය.

Social Sharing
නවතම