ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ලේක් හවුස් ආයතනය චීන සමූහාන්ඩුවේ ආයතන සමග ගිවිසුම්ගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, සංචාරක හා කෘෂිකර්ම අමාත්‍ය සහ චීනය සමුහ ආණ්ඩුවේ ආයතන අතර පහත සඳහන් ගිවිසුම්වලට අත්සන් තැබීමට නියමිතය.
01.සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ මහජන වින සමුහාණ්ඩුවේ ජාතික ගුවන් විදුලි සහ රූපවාහිනි පරිපාලනය අතර අවබෝධනා ගිවිසුම
02.සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සහ විනයේ ෂින්හුවා පුවත් නියෝ සිතායතනය (Xinhua News Agency) අතර අවබෝධතා ගිවිසුම
03.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ විනයේ සින්හුවා පුවක් නියෝජිතායතනය (Xinhua News Agency) අතර සහයෝගිතා ගිවිසුම
04.ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සහ චීන මාධ්‍ය සමුහ (China Media Group) අතර අවබෝධතා ගිවිසුම
05.ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ වින මාධ්‍ය සමුහය (China Media Group) අතර අවබෝධතා ගිවිසුම
06.චීන මාධ්‍ය සමුහය (China Media Group) සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අතර අවබෝධතා ගිවිසුම.
07.චීන වෙළෙඳපොළට කුකුල් මස් අපනයනය සම්බන්ධ ක්‍රියාපටිපාටිය (Protocol) සඳහා අදාළ වන ගිවිසුම.
රජය සඳහන් කළේ, දෙපාර්ශවය අතර ඇති කරගනු ලබන සහයෝගීතාව මත එන මාධ්‍ය සමුහයේ අති නවීන තාක්ෂණය සහ විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව චීන සංචාරකයින් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ අරමුණින් මෙම අවබෝධතා ගිවිසුම් අත්සන් තබන බවයි.
මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනවාරි 14 වැනිදා සිට 17 වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇමැතිවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා සමග මෙම චීන සංචාරය සඳහා විජිත හේරත්, බිමල් රත්නායක ඇමැතිවරුන් ද එක්වීමට නියමිත බවයි.