ගම්පහ නීතිඥවරුන්ට කොරෝනා නිසා අලුත්කඩේ තහනම්  වෙයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නිරෝධායන ඇඳිරී නිතිය පනවා ඇති ගම්පහ ප්‍රදේශයේ නීතිඥවරුන් ඇතුලු සියලු පාර්ශව සඳහා කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ  පරිශ්‍රයට  පැමිණිමෙන් වැළකි සිටින ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණ ලේඛාධිකාරිවරයා විසින් දන්වා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරි ප්‍රදීප් මහමුතුගල මහතා විසින් මෙම නිවේදනය උපරිමාධිකරණ සංකීර්ණයේ ඉදිරිපස දොරටුවේ ප්‍රදර්ශනය කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ  නිරෝධායන ඇඳීරි නීතිය බලපැවැත්වෙන කාලය තුල අලුතින් නඩු ගොනු කිරීමට, නඩු පරිශීලනය, මෝසම් ගොනු කිරීමට, සහතික කළ පිටපත් ලබා ගැනීමට ආදි කටයුතු වලට ඇඳිරි නීතිය පැවැත්වෙන ප්‍රදේශ වල නීතිඥවරුන්ට නොපැමිණෙන ලෙසද එසේම එම ප්‍රදේශ වල සිට පැමිණෙන සෙසු වෙනත් පාර්ශවයන්ටද උපරිමාධිකරණ පරිශ්‍රයට ඇතුල් වීමෙන් වලකින ලෙසය.

Social Sharing
නවතම