සෑම දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම 20 ට එරෙහි විය යුතුයි!

සෑම දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය දිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (04)  යාපනයේ වීරසිංගම් ශාලාවේදී විසිවන සංශෝධනය සහ දේශපාලන ප්‍රති විපාක පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවේය.

“විසිවන ව්‍යවස්ථා සංශෝධනය යනු රිපබ්ලිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නාමයෙන් රාජාණ්ඩුවට කරන ලද සංශෝධනයක්.

මීට පෙර 18 වන ව්‍යවස්ථා සංශෝධනය හඳුන්වා දෙන විට බලයේ සිටි පුද්ගලයා දේශපාලනයෙක්. ඔහු බලය අයුතු ලෙස භාවිතා කර ඇතත් දේශපාලනඥයෙකුට යම් පැහැදිලි කිරීම් තිබෙනවා. සමහර දේවල් කළ හැකි හා කළ නොහැකි ආකාරය පිළිබඳ ස්වභාවය අත්දැකීමෙන් ලැබිය හැකියි. අද තත්වය එසේ නොවේ.

දහනව වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම සහ විධායකය ශක්තිමත් කිරීම අතර වෙනසක් තියෙනවා. ස්වදේශිකයන් සිටින්නේ දැඩි විරෝධයක ය.

මෙම විරෝධය අප තරයේ ප්‍රකාශ කළ යුතුයි. රටේ ප්‍රගතිශීලී බලවේග සමඟ කටයුතු කිරීම. සෑම දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම ඒ සඳහා ඡන්දය දිය යුතුයි.

Social Sharing
නවතම