ආර්ථික පරිවර්තන පනතක් ළඟදීම – ජනාධිපතිගේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

මාර්තු මස 25 වෙනි දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ආර්ථීක පරිවර්තන කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක මණ්ඩලයට පැවරීමට තීරණය කර ඇත.

එම යෝජනාවේ අරමුණ වී ඇත්තේ ආර්ථික පරිවර්තන ජාතික ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණු අන්තර්ගත කරමින්, ඒ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ආර්ථික කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යයන්තර වෙ‍ෙළඳ කාර්යාලය, ශ්‍රී ලංකා විද්‍යා හා ජාත්‍යයන්තර වෙ‍ෙළඳ ආයතනය සහ ජාතික ඵලදායීතා කොමිෂන් සභාව යන ප්‍රධාන ආයතන ස්ථාපිත කිරීමට හැකි වන පරිදි අවශ්‍ය විධිවිධාන ඇතුළත් කරමින් ආර්ථික පරිවර්තන පනත සඳහා වන මූලික කෙටුම්පත නීතිපති විසින් ඉදිරිපත් කරනු ලබන සංශෝධන ද ඇතුළත් කරමින් විධිමත් පනත් කෙටුම්පත කඩිනමින් සකස් කර ඉදිරිපත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඒම යෝජනාව කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කර ඇත.

Social Sharing
නවතම පුවත්