ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැලැක්වීමට නව පනතක්

වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි 2005 අංක 34 දරණ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැලැක්වීමේ පනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා 2023 – 06 – 12 දින පැවති ඇමති මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය දී ඇත.

එහෙත්, එම සංශෝධන මඟින් පනතේ වගන්ති වැඩි සංඛ්‍යාවක් සංශෝධනය කිරීමට සිදුවන බැවින්, පොදු මහජනතාවගේ පහසු අවබෝධය සඳහා දැනට බලාත්මක පනත පරිච්ජින්න කර, අදාළ සියලු සංශෝධන ඇතුලත් කරමින් ඒම පනතේ වත්මන් නාමය යටතේම නව පනතක් කෙටුම්පත් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් ඇමති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Social Sharing
නවතම පුවත්