කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (21) තුන්වෙනි දිනටත් පැවැත්වීමට නියමිතයි.
විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ අද පස්වරු 4.30ට ය.

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණේ 19 සහ 20 දෙදින පමණි.

නමුත් 19 වැනි දා පෙරවරුවේ රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළේ, විවාදය අදත් පැවැත්වීමටයි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීම තුළ කථානායකවරයාගේ හැසිරීම පිළිබඳව විරෝධය පළ කරමින්, විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් කථානායකවරයාට එරෙහිව මෙම විස්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත.

මේ අතර ඡන්ද විමසීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාව ඇමතීමට බලාපොරොත්තු වන බවත්, විශ්වාසභංග විවාදයේදී ඔහු මුලාසනයට නොපැමිණෙන බවත් කථානායක කාර්යාලය ප්‍රකාශ කළේ ය.

Social Sharing
නවතම විශේෂාංග