ශ්‍රී ලංකාවේ අල්ලස, දූෂණය සහ දූෂණ විරෝධී පනත…

දූෂණය මෙරට ජනප්‍රිය මාතෘකාවකිරටේ තිබෙන සියලුම ප්‍රශ්ණ වලට මුල දූෂණ ය බවද දූෂණ ය නැති කිරීමෙන් සියලු ප්‍රශ්න නිවාරණය වන බවද සමහරෙක් සිතතිමෙය එක්තරා ප්‍රමාණයකට සත්‍ය වුවත් සම්පුර්ණ සත්‍යය නොවේ.

මෙරට දේශපාලනඥයන්දරාජ්‍ය නිලධාරින්ද,පුද්ගලික අංශයදජනතාවද අඩු වැඩි වශයෙන් දූෂිතයෝ වෙතිසෞඛ්‍ය අංශයේ දැනට පෙනෙන්නට ඇති පරිදි අධම ගණයේ දූෂිතයන් බිහිවන්නේ රට තුල ඇති දුෂිත සංස්කෘතිය නිසායඑබැවින්  මේ දූෂිත සංස්කෘතිය නැති කීරීම දූෂණ විරෝධයේ පළමු පියවර විය යුතුයඑක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී මෙවලම් කට්ටලයේ එන අර්ථ දැක්වීම අනුව මෙම දූෂණ  මහා පරිමාණ දූෂණ හෙවත් රජයේ මූලික කාර්යයන්ට බලපෑම් කරන දූෂණ හෝ  කුඩා පරිමාණ දූෂණ හෙවත් ආණ්ඩුකරණ සහ සමාජයීය රාමුව තුල ඇති  දූෂණ හෝ සක්‍රිය දූෂණ හෙවත් අල්ලස ලබන්නා සහ දෙන්නා යන දෙදෙනාම සක්‍රිය දූෂණ හෝ අක්‍රිය දූෂණ හෙවත් මේ දෙදෙනාගෙන් එක්  අයකු අක්‍රිය දූෂණ හෝ විය හැක.

මෙයින් දැනට සිදුවන පරිදි මහා දූෂණ වලට නිදහසේ වැඩෙන්නට සලස්වා කුඩා දූෂණ කරන්නන් කොටුකර ගැනීම හෝ සමහරුන් අපේක්ෂා කරන පරිදි මහා දූෂණ කරන්නන් කොටු කර ගෙන කුඩා දූෂණ කරන්නන්ට නිදහසේ ඒවා කරගෙන යාමට සැලැස්වීමෙන් හෝ දූෂණය නැති කළ නොහැකකළ යුත්තේ මහා හෝ කුඩා හෝ දූෂණ සියල්ලටම එරෙහිවී ඒවා මර්දනය කිරීමයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් 2023 මාර්තු මස නිකුත් කරන ලද අංක 23/116 දරණ වාර්තාවේද ලංකාවේ දූෂණයට ඇති නැමියාව පිලිබඳ සඳහන් කර ඇතරාජ්‍යයේ විවිධ අංශ වල ආණ්ඩුකරණය පිළිබඳව ඇති දුර්වලතාද ඉතා ඉහල මට්ටමක ඇති දූෂණයද හේතුවෙන් දූෂණයට  එරෙහිව කටයුතු කිරීමටරාජ්‍ය ආයතන වල පරිපාලනය විධිමත් කිරීමටආදායම් එකතුකිරිම සහ වියදම් පරිපාලනය සඳහා ආණ්ඩුවේ කටයුතු ඩිජිටලීකරණය කිරීමට වේදිකාවක් සැකසීමටරාජ්‍ය අංශයේ විනිවිදභාවය ආරක්ෂා කිරීමට  සහ මුදල් විශුද්ධිකරණ සහ ත්‍රස්තවාදීන්ට අධාරදීමේ ක්‍රියාවලි වලට එරෙහිව කටයුතු කිරීමට යොමුවීම අවශ්‍ය බව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර ඇත

2023 සැප්තැම්බර් මස නිකුත් කරන ලද අංක 23/340 දරණ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාව අනුව 2023  අංක 9 දරණ දූෂණ විරෝධී පනත මගින් දූෂණ විරෝධී  නීති රාමුව බොහෝ සෙයින් බලසම්පන්න කරන ලද බව කියා සිටියිඑමෙන්ම පනත අනුව කොමිසමට කොමසාරිස් වරුන් පත්කිරීමේදී ආණ්ඩුකරණයේ සහ දූෂණවිරෝධී කටයුතුවල විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගත යුතු බවද දූෂණ විරෝධී පනත තවදුරටත් බලාත්මක කිරීම සඳහා වත්කම් ආපසු ලබාගැනීමේ පනතක් සම්මත කරගත් යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටී.

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත අනුව 1954 අංක 11 දරණ අල්ලස් පනත, 1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන්  සභා පනත සහ 1975 අංක 1 දරණ වත්කම් සහ බැරකම් ප්‍රකාශ පනත අහෝසි වන අතර ඒවායේ ප්‍රතිපාදන තවදුරටත් ප්‍රතිශෝධනය කර  මෙම පනතට ඇතුලත් කර ඇතඑමෙන්ම මෙම පනත යටතේ ලිංගික අනුග්‍රහය තුටු පඬුරක් හෙවත් අල්ලසක් ලෙස අර්ථ ගන්වා ඇතලිංගික අනුග්‍රහය යන්නෙන් ලිංගික සංසර්ගය හෝ ලිංගික සංසර්ගය ලෙස සැලකිය නොහැකි එහෙත් තොරතුරු සහ සන්නිවේදන තාක්ෂනය හෝ වෙනත් යම් මාධ්‍යයක් භාවිතා කිරීම ඔස්සේ ශරීරයේ රහස් කොටසක් නිරාවරණය කිරීම හෝ යම් ක්‍රියාවක් සිදුකිරීම ඇතුළත් වූ ලිංගික ආකාරයෙන් කායිකවාචික හෝ වාචික නොවන හැසිරීමකට ගණන් ගැනෙන හෝ එවැන්නක් සංස්ථාපනය විය හැකි යම් ක්‍රියාවක් ඇතුලත්වේ. (162 වගන්තිය)

පනතේ 101 වගන්තිය යටතේ රජයේ යම් දෙපාර්තමේන්තුවක් කාර්යාලයක් හෝ ආයතනයක් හරහා රජය සමඟ කවර හෝ ආකාරයක සම්බන්ධතාවක් දක්වන තැනැත්තකු විසින් දෙපාර්තමේන්තුවේ කාර්යාලයේ හෝ ආයතනයේ සේවයේ නියුතු යම් රජයේ සේවකයකුට යම් තුටු පඬුරක් පිරිනැමීම වරදකි.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව කාර්යාලය හෝ ආයතනය හරහා රජය සමඟ සිදුකරන යම් ආකාරයක ගනුදෙනු කරනු ලැබ එසේ කිරීමට පෙර වසරක් ඇතුලත හෝ එසේ කිරීමෙන් වසරක් තුළ ඒ දෙපාර්තමේන්තුවේ කාර්යාලයේ හෝ ආයතනයේ සේවයේ නියුතු යම් රජයේ සේවකයකුට යම් තුටු පඬුරක් පිරිනැමීම ද වරදකි.

පනතේ අර්ථදැක්වීම අනුව ත්‍යාගයක්ද තුටු පඬුරකිමේ අනුව නව වසරට කැලැන්ඩරයක් හෝ දිනපොතක් දීමද වරදකි.

පනත් කෙටුම්පතේ මෙම තත්ත්වය ඉහත දෙවන වරදට පමණක් බලපාන පරිදි අතික්‍රමණය කර තිබුනේ “එසේවුවද රජයේ සේවකයකුට එවැනි තුටු පඬුරක් පිරිනැමීමේදී ඒ පිරිනමන්නා විසින් ඒ ඡේදයේ සඳහන් කළ පරිදි එවැනි ගනුදෙනු වලට සම්බන්ධ සහ අදාල නොවන කාර්යයක් සඳහා සද්භාවයෙන් පිරිනැමූ තුටුපඬුරක් බවට ඔප්පු කරන්නේ නම් ඒ පිරිනැමීම මෙම වගන්තිය යටතේ වරදක් නොවිය යුතුය” යන ව්‍යතිරේකය මගිනි,  මෙම ව්‍යතිරේකය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට පටහැනි බව මෙම පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්වූ  අවස්ථාවේදී දෙනලද S.C.S.D 16/2023 දරණ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් තීරණය කළ අතර සහකාර සොලිසිටර් ජනරාල් වරයා විසින් යෝජනා කළ පරිදි ව්‍යතිරේකය ඉවත් කරන ලදී.

නව පනතේ 106 වන වගන්තිය යටතේ  පුද්ගලික අංශයද ඇතුලත් කර ඇති අතර 108 වන වගන්තිය යටතේ ක්‍රීඩා ඉසවු වලට අදාල වැරදි ඇතුලත් කර ඇත.

පනත යටතේ වැරදි තුන්වන  කොටසේ පළමු පරිච්ඡේදයේ දක්වා ඇති අතර සියලුම වැරදි වලට දඬුවම රුමිලියනයකට නොවැඩි දඩයක් හෝ වසර හතක කොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීම හෝ ඒ දෙකම හෝ  විය හැකදඬුවමට අමතරව වරදෙන් උපාය ගත් මුදල් රජය සතුවන ලෙසටද නියෝග කල හැකඑමෙන්ම වරද කරු වූ දිනයේ සිට ජීවිතාන්තය දක්වා පාර්ලිමේන්තු/පළාත් සභා මන්ත්‍රීවරයකුපළාත්පාලන ආයතන සභිකයකු හෝ රජයේ සේවකයකු විය නොහැක. (114 වගන්තිය

ජනාධිපතිවරයා ඇතුළු නම් කරන ලද රජයේ සේවකයන්වෘත්තීය සමිති ආඥා පනත යටතේ ලියාපදිංචි සමිති වල විධායක නිලධරයන්ප්‍රවෘත්ති ආඥා පනතේ දෙවන වගන්තිය යටතේ ප්‍රකාශයන් කරනු ලැබ  ඇති  බලපත්‍රලාභී මාධ්‍ය ආයතන වල හිමිකරුවන්කර්තෘ මණ්ඩල සාමාජිකයන්ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ 17 වන වගන්තිය යටතේ බලපත්‍රලාභී මාධ්‍ය සමාගම්වල හිමිකරුවන් සහ  කර්තෘ මණ්ඩල සාමාජිකයන්ක්‍රීඩා පනත යටතේ පිහිටුවනු ලැබූ ක්‍රීඩා සංගම් වල ධුර දරන නිලධාරීන් ඇතුළු නම්  කරන ලද පිරිසක් විසින් වාර්ෂිකව සහ වෙනත් නිශ්චිත අවස්ථා වලදී වත්කම් සහ බැරකම් ප්‍රකාශ ලබා දිය යුතුය.

පනතේ 90 වන වගන්තිය යටතේ වත්කම බැරකම් ප්‍රකාශ නිසි කලට ලබා නොදෙන්නන්ට එරෙහිව කොමිසමට දඩ මුදල් පැනවිය හැකි අතර එම කල සීමාව ද ඉක්මවූ පසු මහේස්ත්‍රාත් වරයකු ඉදිරියේ කෙරෙන ලඝු නඩු  විභාගයකින් පසුව සිර දඬුවම් සහ දඩ නියම කළ හැක.

පනත 2023 අගෝස්තු මස සම්මතවී සැප්තැම්බර් මස බලාත්මක වූ අතර එයට කොමසාරිස්වරුන් ජනවාරි 1 දින සිට බලපැවැත්වෙන පරිදි පත්කර ඇත.  අධ්‍යක්ෂ ජනරාල් වරයා තවම පත්කර නොමැතකොමසාරිස් වරුන් පත්කළ යුතු වන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේහය මත ජනාධිපතිවරයා විසිනිපනත් කෙටුම්පතේ කොමසාරිස්වරුන්ගේ සුදුසුකම් සඳහන්වූ 4 වන වගන්තිය අනුව කොමසාරිස්වරුන් නිතිය සහ වෙනත් නිශ්චිත විෂයයන් ගණනාවකින් එකක විසි අවුරුදු පළපුරුද්දක් ලබාගත යුතුව තිබුණිඑනමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව එක් කොමසාරිස්වරයකු නීතිය පිලිබඳ පළපුරුද්දද අනෙක් කොමසාරිස්වරු අනෙක් නිශ්චිත විෂයයන් ගෙන් එකක පළපුරුද්දද ලබාගත යුතුවූ බව සඳහන් වූ නිසා මෙම පත්කිරීම් සරල විය.  නැතහොත් කිසිදා එවැනි පුද්ගලයන් කොමසාරිස් වරුන් ලෙස පත් කිරීම සඳහා සොයාගත නොහැකි වන්නට තිබුණි.

කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාද පත්කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශය මත සහ කොමිෂන් සභාවේ සාමාජිකයන් විමසීමෙන් පසු ජනාධිපතිවරයා විසිනිමෙම ප්‍රතිපදනයට කොමිෂන් සභාවේ සාමාජිකයන් විමසීම ඇතුලත් වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුවයතීන්දුව/පනත  අනුව ඔහු/ඇය ඉවත්කිරිමටද කොමිසමේ නිර්දේශය අවශ්‍ය වෙයිසුදුසු පුද්ගලයන් තනතුරු සඳහා පත්කළ යුතු වුවත් ඔවුන් පත්කිරීමේ ප්‍රමාදය නිසා පනත ක්‍රියාත්මක වීමටද ප්‍රමාද වේ.

පනත අනුව කොමිසමේ සේවක මණ්ඩලය සම්පුර්ණයෙන්ම කොමිසමේ පාලනයට යටත් වේ.එබැවින් කොමිසම සම්පුර්ණයෙන්ම ස්වාධීනයකොමිසම අයවැය ඇස්තමේන්තු මුදල් ඇමති වරයාගේද අනුදැනුම ඇතුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කල පසු පාර්ලිමේන්තුව විසින් එය සම්මත කර අයවැය ට ඇතුලත් කිරීමට මුදල් ඇමතිවරයා වෙත යවනු ලැබේඑබැවින් කොමිසමට අරමුදල් සම්බන්ධයෙන්ද ස්වාධීනත්වයක් තිබේ. (31 වගන්තිය)

පනතේ 119 වන වගන්තිය අනුව දැනදැනම යම් අසත්‍ය පැමිණිල්ලක් කොමිසම වෙත ඉදිරිපත් කරන්නෙකුට මහේස්ත්‍රාත් වරයකු ඉදිරියේ වරද කරුවකු කරනු ලැබුවිට ඔහුට රුමිලියනයක් නොඉක්මවන දඩයකට හෝ වසර තුනක් නොඉක්මවන කාලයක් සඳහා සිරගත කිරීමකට හෝ ඒ දෙකටම හෝ යටත් කළ හැකමෙම ප්‍රතිපාදනය පනත් කෙටුම්පතේද ඒ ආකාරයටම තිබුන අතර පනත් කෙටුම්පත ඉදිරිපත් කළ අවස්ථාවේදී එය සමාජය තුල විශාල කථාබහකට ලක්විය.

පසුව  ශ්‍රේෂ්ඨාධිකරණයේදී එය අභියෝගයට ලක්විය.1994 අංක 19 දරණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතේ 21 වන වගන්තියේද මෙම ප්‍රතිපාදනය  මේ ආකාරයටම තිබුන අතර දඬුවම වශයෙන් දඩය ලක්ෂ දෙකක උපරිමයකටද  සිර දඬුවම  වසර දහයක උපරිමයකට යටත් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ මෙසේ සඳහන් වේ. “වැරදි ක්‍රියා හෙළිදරවු කරන්නන්ගේතොරතුරු සපයන්නන්ගේසාක්ෂිකරුවන්ගේ සහ කොමිසමට සහය දෙන අනෙකුත් අයගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා විවිධ ප්‍රතිපාදන පනත් කෙටුම්පතේ පස්වන පරිච්ඡේදයේ ඇත.එසේ වුවත් වැරදි ක්‍රියා හෙළිදරවු කිරීම(whistle Blowing) යනු චෝදනා වැරදි බව දැනදැනම චෝදනා කිරීම නොවේඑමෙන්ම චෝදනා වැරදි බව දැනදැනම චෝදනා කිරීම පනත් කෙටුම්පත යටතේ වරදක් නොවන බව සිතාගෙන කටයුතු කිරීමද වැරදි ක්‍රියා හෙළිදරවු කිරීම නොවේ. “  (පරිවර්තනය ලියුම්කරු විසිනි) 119 වගන්තිය අනුව වැරදි ක්‍රියා හෙළිදරවු කරන්නා දැනදැනම බොරු චෝදනාවක් කල බව සාධාරණ සැකයකින් තොරව උසාවියේදී ඔප්පු කිරීම පැමිණිල්ලේ කාර්යභාරය වන බැවින් 119 වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලදී.

පනත් කෙටුම්පතේ 141 වන වගන්තියද ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක්වියපනත් කෙටුම්පත අනුව 141 වගන්තියේ තිබුනේ “එකී වෙනත් කටයුත්තේ ඇති හදිසි ස්වභාවයෙන් විශේෂ අවස්ථානුගත ක්‍රම හේතුවෙන් එසේ කිරීමට නොහැකි වන්නේ නම් මිස මේ පනත යටතේ වන වැරදි සම්බන්ධයෙන් අධිකරණයක පැවැත්වෙන නඩු කටයුත්තක් එකී අධිකරණයේ වෙනත් යම් කටයුත්තකට පෙර විභාගයට ගනු ලැබිය යුතුය.”

මෙය ඉතාමත් සාධනීය වගන්තියක් වූ නමුත් ප්‍රශ්ණය දෙස වෙනත් දිසාවකින් බලා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් කරන ලදීප්‍රශ්ණය  වූයේ මෙය  ව්‍යවස්ථාදායකය  විසින් අධිකරණයේ කටයුතු වලට ඇඟිලි ගැසීමට උත්සාහ දැරීමක් ලෙස අර්ථ කථනය කල හැකි වීමයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තර්කය පිලි නොගත් අතර දූෂණය පිටු දැකීමේදී මෙවති තත්ත්වයක් අවශ්‍ය බව නිගමනය කරන ලදීඑසේ වුවත් එය සාධාරණිකරණය කිරීම සඳහා 141 වගන්තියට තවත් අතිරේක කොටසක් එක්  කරන ලෙස යෝජනා කරන ලදී.

එයට අමතරව ශ්‍රී ලංකාවේ නඩු ප්‍රමාදය සලකා බලන විට මෙම පනත අනුව පවරන නඩු විභාග කිරීම සඳහා වෙනම අධිකරණයක් තිබීම අවශ්‍ය වේමෙය තනිකරම අධිකරණ පරිපාලන ක්‍රියාවලියකිඅධිකරණයේ කටයුතු වලට ඇඟිලි ගැසීමක් නොවේ.

පනතේ 162 වන වගන්තියේ රාජ්‍ය සේවකයා යන්නෙහි අර්ථ නිරූපනයට ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් පරිදි ජනාධිපතිවරයාද ඇතුලත් කර ඇත.

මෙරට ප්‍රශ්ණය වන්නේ නීති තිබුනත් ඒවායේ ක්‍රියාත්මක වීමේ අඩුපාඩු යමානව හිමිකම් රකින්නට ගෙන ආ ICCPR පනතේ ක්‍රියාකාරීත්වය උදාහරණයකිමෙම පනත අනුව පත්කරන කොමසාරිස්වරුන් සහ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ස්වාධීනව කටයුතු කරන්නේ නම් මෙරට අල්ලස සහ දූෂණය බොහෝ සෙයින් අඩු කරගත හැක.

හර්ෂ ගුණසේන

Social Sharing
ආර්ථික නවතම පුවත්