කොළඹ කිතුනු සම්ප්‍රදාය

කොළඹ ගමන්-18, කොළඹ කිතුනු සම්ප්‍රදාය

කොළඹ අධිරාජ්‍යවාදී රටවල් තුනක යටත් ප්‍රදේශයක්ව තිබීම සහ ඒ හැම රටක්ම කිතුනු රටවල් වීම නිසාම කොළඹ අධීක කිතුනු පල්ලි ප්‍රමාණයක් ඇති තැනකි. බොහෝ දෙනා දන්නේ ඉන් කීපයකි ඒවා විවිධ සම්ප්‍රදායන් තුල නිර්මාණය වී ඇත.

කොළඹ පල්ලි ප්‍රධාන වශයෙන් නිකායන් 8 කටද නව කිතුනු සභාවන් ගත් කල නිකායන් 100 කට හෝ ඊට වැඩී ගණනක අයත් කිතුනු ආගමික පල්ලි ඇති නගරයකි.

ප්‍රධාන වශයෙන් කතෝලික, ඇන්ග්ලිකන්, මෙතෝදිස්ත, සැල්වෙශන් ආමි,  Dutch Reformed Church, ප්රෙස්බිටෙරියන්, CSI  (සී.එස්අ.යි), බැප්ටිස් හා ලංකා දේව සභාව හා කල්වාරී සභාව වශයෙනි. මේවා එකිනෙකට වෙනස් හා සමහර විට විශාල පරස්පරතා ඇති නිකායන්ය.

කොළඹ පල්ලි ලයිස්තුව ලිව්වොත් මේ පිටු එකහාමාර අවසන් වනු ඇත. එය නොවේ අරමුණ. කොළඹ පල්ලි ගැන කතා කිරීමේදී එහි ගෘහ නිර්මණ ශිල්පය හා වෙනත් ඓතිහාසික වැදගත්කම් මෙහිලා වැදගත් වේ.

කොළඹ සාන්ත පාවුලු පල්ලිය වැදගත්ම එකකි. ඇන්ග්ලෝ කැතොලික් සම්ප්‍රදායේ HIGH CHURCH සම්ප්‍රදායට අයත් සභාවක් සේ මෙහි කටයුතු කෙරේ. සාන්ත පවුලු ගෘහ යාඥා මධ්‍යස්තානය ORATORY ගෑස් පහ අදටත් තියන අතරමෙහි පින්තුරයද එයයි. එහි සද්ධ බද්ධ වැඩී තැනක් නිසා එය අවුරුදු  80 කට පමණ පෙර කින්සි පාරේ මහ රෝහල අසලට ගෙනාවේ බැසිල් ජයවර්ධන ඇන්ග්ලිකන් පියතුමාය.

 

George Clay Hubback ට අනුව එනම් කල්කටාවේ ආර්ච් බිශොප්ට අනුව  ආසියාවේ ලස්සනම පල්ලිය ඇත්තේ කොළඹ කින්සි පාරේය. ඔහු අතීශොක්තීයක් කිවද කියා ඒම පල්ලියට ගොස් එය දෑසින්ම දැක බලා ගත්තේය.

මේ පල්ලියේ වහල සම්පූර්ණයෙන්ම අර්ධ-කාවකාර සිවිලින් වලින් සැදී ඇති අතර ඒවා පොරොප්ප වලට ගන්න පොරොප්ප ලීය නොහොත් Cork Wood  වලින් සාදා ඇත. එහි කුලුණු සම්පුර්ණ ගල් කුලුණු වන අතර වහල හා ගල් කුලුණු නිසා විශාල ශාලාවක් නිර්මාණය වී ඒ නිසා මුළු පල්ලියේ වන දේ සැමට බලා ගත හැකිවන සේ සාදා ඇත.

තවද ඉනර් චේම්බර් INNER CHAMBER සංකල්පයට අනුව අල්තාරය ඇති කොටස වෙනම ඩෝම් එකක් ලෙස සාදා Orthodox ඕතඩොක්ස් කිතුනු සම්ප්‍රදායට අනුව එම කොටස විශාල වේදිකාවක් සේ නිමවා ඇත. අල්තාරයට ඉහලින් වහලක්ද අල්තාරය වටා ගල් කණුද නිමවා ඇත්තේ උඩු වියනක් ලෙසය.

අල්තාරය කොටස බැතිමතුන්ට යා නොහැකි ලෙස වෙන් කර ඇත. එය පුජකතුමාට පමණි. මේ පල්ලියේ කුඩා දෙව් මැදුරු 3 ක් ද බෞතීස්ම ස්නානයට වෙනමම තැනක් ද අති අතර ආසන සේ පනවා ඇති  බංකු පවා සයුරේ රැලි සේ නිමවා ඇත .

Our Lady of Walsingham රූපයද එයට වන්දනාමාන කිරීමද, සමහර  කිතුනු සම්ප්‍රදායන් හි ඇති විශේෂයෙන්ම කතෝලික හා ඇන්ග්ලෝ කැතලික් Anglo Catholic සම්ප්‍රදායේ ඇති පාද නමස්කාර ස්ථානද  මේ පල්ලියේද ඇත.  එලියේද ඇතුලේද කිතුනු රුප ඇත.

සාමාන්‍යයෙන් ප්‍රොතෙස්තන්ත සම්ප්‍රදායට කිතුනු පිලිම හෝ රුප වන්දනාව නොකරයි. එහෙත් ඇන්ග්ලෝ කැතලික් සම්ප්‍රදායේය එය දී කරයි. කතෝලික සම්ප්‍රදාය, ප්‍රොතෙස්තන්ත සම්ප්‍රදායට වෙනස් වන එක හේතුවක් වන්නේ එයයි.

මෙය නැරඹිය යුතු පල්ලියක් සේ මම නම් කරමි. එවැනිම අනෙක් පල්ලිය  සාන්ත මයිකල් හා සියලු දේවදුතයන්ගේ පල්ලිය කොල්ලුපිටිය පොල්වත්තේය. එයද මේ ඇන්ග්ලෝ කතෝලික සම්ප්‍රදායේය.

කොළඹ ඇති අනෙක් වැදගත්ම පල්ලියක් හා ඉතා ලස්සන පල්ලියක් වන්නේ  කොච්චිකඩේ සාන්ත අන්තෝනී පල්ලියයි. එයද ඔබ යා යුතුම තැනකි. එහි කතෝලික සම්ප්‍රදායේ සියලු පුද පූජා ක්‍රම කරන අතර එහි පුද පූජා පවත්වන ස්ථාන Shrine  කිපයක් ඇත.  වැඳුම් පිදුම් කරන ස්ථානද, ඉටි පන්දම් පත්තු කරන ස්ථානද,  භාර හාර වන ස්ථානද, වශයෙන් ඇත. ඒ  අවට විවිධ පුද පූජා භාණ්ඩ විකුණන අය හා අවශ්‍ය ආගමික උපකරණ එනම් කොන්ත බොරලික්කම්, ජපමාලය ඇතුලු සියලු දේ ගත හැකි කඩ පිරිලාය. පසුපස වරායේ  පිහිටීම නිසා වරායට එන බොහෝ නාවිකයේ මෙහි එති. නැතත් බොහෝ හාස්කම් ඇති තැනක් ලෙසට බොහෝ දෙනා පිලිගනී.

ආකෘතිකමය වශයෙන් තවත් ලස්සනම පල්ලියක් වන්නේ කොටහේනේ කංඳක් උඩ පිහිටි  සාන්ත ලුසියා ආසන දෙව් මැදුරයි එයද කතෝලික සම්ප්‍රදායේ ඉතා වටිනා පල්ලියක් වන අතර කොළඹ නගරයේ පිහිටි  ආසන දෙව් මැදුරයි . ආසන දෙව් මැදුරක් වීම නිසාම ඒය විශාලත්වයෙන් වැඩී සහ ගෘහ නිර්මාණ ශීල්පීය ඉහලම මට්ටමක ගෙන ඇත. ගොඩනැගිල්ලේ දේවදුත පිලිම ආදිය සුවිශේෂය.

ඕලන්ද රෙපරමාදු පල්ලියට අයත්  Dutch Reformed Church කොළඹ වුල්ෆෙන්ඩෝල් පල්ලිය ආකෘ තිකමය වශයෙන් ඩෝම් ගනයට අයත් පල්ලියකි. එහි ද  ඕලන්ද සම්ප්‍රදාය අනුව නිමවා ඇති අතර එහි වසර 300ක් පමන පැරණි කොළඹ ඇති පැරණිම පල්ලියක් යැයි කිව හැක.

මීට පෙරද කියා ඇති කොටුවේ සාන්ත පීතර පල්ලියද අවුරුදු 300ක් පමණැ පැරණි වුවද එය පල්ලියක් වුයේ 1820 ගණන් වලය. ඊට පෙර එය ඕලන්ද ආණ්ඩුකාරයාගේ නිල නිවසයි.

බොහෝ රෝමානු  කතෝලික යුවතියන් විවාහ වීමට කැමති පල්ලියකි තිබිරිගස්යාය සාන්ත තෙරේසා පල්ලිය. එය තිඹිරිගස්යාය පාරට  පහලින් පිහිටි මනාව ඉඩකඩ ඇති ඉතා ලස්සන පල්ලියකි. එහි අභ්‍යන්තරය වටාපිටාව හා එහි ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයද ඉතා ලස්සනය.

බම්බලපිටිය සාන්ත මරියා රෝමානු  කතෝලික පල්ලියද බොරැල්ලේ සියලු සාන්තුවරයන්ගේ කතෝලික පල්ලියද, කොල්ලුපිටිය සාන්ත අන්තෝනී මෙවැනි විවාහ වලට ඉල්ලුමක් ඇති තැන්ය. වැල්ලවත්තේ ගාලු පාරේ රතුපාට හුරු පල්ලිය සන්ත ලෝරන්ස් පල්ලියයි. එයද ඉතා ලස්සන පල්ලියක් වන අතර විවාහ වලටද වැඩී ඉල්ලුමක් ඇත. එහි මානව නඩත්තු කරන වත්තද  පාම් ගස් පෙලද පල්ලියට ඉතා සුන්දර, ඝාම්භීර පෙනුමක් ලබා දී ඇත.

කොළඹ 5000ක් වීතර සෙනග රැස් කල හැකි පල්ලිය නාරහෙන්පිට PCAG නමින් හඳුන්වන එසෙම්බ්ලීස් ඔෆ් ගෝඩ් පල්ලියයි. වැල්ලවත්තේ CSI  පල්ලිය Church of South India නිකායට අයත්ය.  ඒක යාපනයේ ව්‍යාප්ත නිකායකි. Seventh Day Adventists පල්ලිය ක් ද කොල්ලුපිටිය ඇල්ෆ්රඩ් පාරේ ඇත.

කොටුවේ YMCA  එකේද කුඩා පල්ලියක් Chappel ඇත. උදේට වැඩට යන්නට පෙර යාච්ඥා කරන අය එහි එති. එය කිසිදු සභාවකට අයත් නැත.  කොටුව රේල්වේ ස්ටේසම ඉදිරිපස පිලිප් නේරිස් කතෝලික පල්ලියද එසේමය. කාර්යබහුල නගරය මැද ඒ පල්ලියේ විවිධ නාගරික ප්‍රජාවට සේවා සපයයි. පිටකොටුව බස් නැවතුම අසල Al saints පල්ලිය ද පැරණි ඒකකි.

අමුතුම ආකාරයේ ඇන්ග්ලිකන් පල්ලියක් අලුත් කඩේ උසාවිය අසල ඇත. එහි කොතක් වැනි උල්  ස්තම්භයක් ඇත එය වරායටද පෙනෙන සේ සකසා ඇත. පැරණිම පල්ලියකි,  එය බණ්ඩාරනායකවරුන්ගේ සහ ඔබේසේකරවරුන්ගේ පල්ලිය ලෙස අදටද සලකයි. සාන්ත තෝමස්තුමාට කැප කල ඓතිහාසික ජිංතුපිටිය ඇන්ග්ලිකන් පල්ලියද ඒ අසල ඇති යායුතු තැනකි.

පැරණිම මෙතෝදිත පල්ලියක් වේල්ල වීදීයේ ඇත. එය වසර  දෙසීයක් පැරණිය. කොල්ලුපිටියේද මරදානේද වැල්ලවත්තේද දෙකක්ද මට්ටක්කුලියේද, ජම්පටා වීදීයේ, හැව්ලොක් පාරේද මෙතෝදීස්ත පල්ලි ඇත. ඒවා විවිධ ආකෘතියේ වන අතර සාමාන්‍ය්‍යෙන් කුඩා පල්ලිවේ . බැප්ටිස්ට් හා මෙතෝදිස්ත පල්ලි කුඩා පල්ලිය . මේ පල්ලි හදන කාලේ කිතුනුවෝ ගොඩක් සිටියද සමහර මේ පල්ලි වල දැන් සෙනග නැති තරම්ය,

කොළඹ බැප්ටිස්ට් පල්ලි 3 කී, මට්ටක්කුලියහා ග්‍රෑන්ඩ්පාස් පාරේය. අනෙක ටවුන් හෝල් එක මැදය. සුදුපාට ඒ පල්ලිය ප්‍රසිද්ධම එකකි. මෙතෝදිස්ත බැප්ටිස් පාදලිතුමන්ලා අඳින්නේ කලිසම් කෝට්ය. එයට කියන්නේ කොලර් අඳිනවා කියලාය.  ඒ අය ලෝගු නොඅදිති.

කිරුලපන කල්වාරී පල්ලියද මෝදර ජේසු ජීවමානයි පල්ලියද ලොකු මට්ටමේ එවැන්ජලිකල් පල්ලිය  තොටලඟද එකක් ඇත.

කොළඹ පල්ලි අතර salvation Army සැල්වේශන් ආමි පල්ලි  4ක් හා මූලස්ථානයක් ඇත ඒය වෙනමම සම්ප්‍රදායට අයත්ය, හමුදාමය ඇදුම් අඳිති., ඕලන්ද සභා 4කි.  ඇන්ග්ලිකන් පල්ලි 20ක්.  පමණ ඇත.

ඉහත කී ඒවාට අමතරව ආසන දෙව් මැදුර නැත්නම් මුල් දෙව් මැදුර  ඔබරෝයි ඉඩම වෙනුවට හිලව්වට ලැබුන එකකී. ඔබරෝයි හෝටලයේ ඉඩම රජයට ගෙන BMICH අසල පල්ලියට ඉඩම රජයෙන් දුනි. ඉස්සෙල්ලා ඇන්ග්ලිකන් ආසන දෙව් මැදුර වුයේ මෝදර ගල් පල්ලියයි වරාය අසල ඒ පල්ලියද ඓතීහාසික එකකි.

මට තවත් ලස්සන පල්ලියක් වුයේ ඔබරෝයි එක මායිමේ පිහිටි ස්කොට් කක්  Scott kirk නැමති ප්රෙස්බිටෙරියන්  පල්ලියයි එයද මාය පාරේ  අනෙක් පල්ලියද ස්කොට්ලන්තයේ ප්රෙස්බිටෙරියන් සම්ප්‍රදායට අයත්ය. කොළඹ සිටින සුද්දෝ සුද්දියෝ එන්නේ මේකටය. නිදහස් තැනකි විවිධ යුරෝපීය සම්ප්‍රදායන් එහි ඇත බොහො කලක් සේවය කලේ යුරෝපීය දේවගැතිවරුය.

කොළඹ කතෝලික පල්ලිද 25 ක් පමණ ඇත. සමහරවා කුඩාය සමහරවා විවිධ වාර්ගික සම්ප්‍රදායන්ට අනුව සකසා ඇත. මෝදර පල්ලි ගොඩකි. නිල් පල්ලිය  රතු පල්ලිය වැනි නම් ඒවාට ඇත. අලුත්කඩේ අවට කතෝලික පල්ලි 3කි. පල්ලි වල් කුලුණු, ගල් කනු, කොත්, ඩෝම   අල්තාර බවුතීස්ම පොකුනු හා දේසනා කූඩු එක පල්ලියකට අනෙක වෙනස්ය සම්ප්‍රදය වෙනස්ය, ආකෘතිය හා නිමැවුමද වෙනස්ය. ගිහිල්ලම බලන්න ඕනෑය.

භාෂාවකුල අනුවද වර්ගය අනුවද බෙදෙන පල්ලි ඇත.  ඒවා අවශ්‍ය යෙන්ම කරන ලද ඒවාය. 

ස්ටෙයින්ඩ් ග්ලාස් වින්ඩොව්ස්  Stained Glass windows කියන්නේ ඒවාට හැම පල්ලියකම එවාටම ආවේනික චිත්‍ර හෝ පාට ඔවුන් යොදාගනී. බොහෝ පල්ලි වල නැගෙනහිරට මුහුණ ලා ඒවා සාද ඇත. එවිට උදැසන පල්ලියට එන විට ඒවාට හිරු එලිය වැටී ඉතා ලස්සනට පෙනේ.  පල්ලියේ විශාලත්වය හා වත්කම අනුව ඒවා තීරණය වේ.

පල්ලියේ තිරද, ඉටි පන්දම්ද, ගල් කණු ද, බයිබලය කියවන පුවරුද, දේසනා කූඩුද, විවිධ සංස්කෘතීක ලක්ෂණ අනුව නිමවා ඇත. පල්ලි වල භාවිත පයිප් ඕගන් අතී වීශල ඕගන් වර්ගයකි. ඒවා නඩත්තු කරන්න අමාරු වියදම්කාරී ඒවාය එත් සමහර පල්ලි තවමත් එවා නඩත්තු කරයි. සමහර පල්ලි වල කුඩා මල් වතුද ඇත.

සමහර ඉස්කෝල වලද පල්ලි ඇත කන්‍යාරාම වලද පල්ලි ඇත. සමහර පල්ලි මෙහෙයවන්නේ කන්‍යා සොහොයුරියන්ය. සමහරවා සහෝදරතුමන්ලාය. සමහරවා පාදිලිතුමන්ලාය.

Social Sharing
නවතම විශේෂාංග