දහනමය අහෝසි යි!

නව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා කැබිනට් මණ්ඩලයේ පුර්ණ අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව නව සංශෝධන කෙටුම්පත අද දින ගැසට් කර ඇති අතර, ඒය තව සති දෙකකින් පමණ පාර්ලිමේන්තුවේ විවාදයට ගනු ඇතැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

http://documents.gov.lk/files/bill/2020/9/22-2020_S.pdf

ඉදීරිපත්කර ඇති නව ව්‍යවස්ථා සංශෝධනය මගින් 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් සීමාකරනු ලැබූ ජනාධිපතිවරයාගේ විධායක බලතල නැවත ඔහු වෙත පැවරීමට යෝජනා කර තිබේ. ඒ අනුව අගමැතිවරයා ඉවත්කිරීමේ බලය ඇතුලු විශාල බලතල රාශියක් නැවතත් ජනාධිපතිවරයා වෙත ලබා දී තිබේ. ඒ් අතරින් කැබිනට් මණ්ඩලය පැනවීමේ දී ඇතිකර තිබු 30 සීමාව ඉවත්කර ඇති අතර, ජනාධිපතිවරයාගේ අභිමතය අනුව අමාත්‍යංශ පත්කිරීමටත්, ජනාධිපතිවරයා යටතේ අමාත්‍යාංශ තබා ගැනීමටත් අවස්ථාව ලැබී තිබේ. ඒමෙන්ම පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට තිබු අවුරැදු 41/2 සීමාව ඉවත්කර නැවත ඒය අවුරැද්දකට අඩුකර තිබේ.

ඒමෙන්ම, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ වයස් සීමාව අවුරැදු 35 සිට 30 දක්වා අඩුකිරීමටත්, ද්විත්ව පුරවැසියන්ට මැතිවරණයන්ට ඉදිරිපත්වීමට තිබූ බාධාවන්ද නව ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත්කර තිබේ.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කළ ව්‍යවස්ථා දායක සභාව අහෝසි කොට ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් පස්දෙනෙකුගෙන් යුත් “පාර්ලිමේන්තු සභාවක්” පත් කිරිමට නව ව්‍යවස්ථා සංශෝධනය මගින් යෝජනා කර තිබේ. ඒමෙන්ම, අගවිනිසුරැ අතුලු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරැවරැන්, පොලිස්පති, නීතිපති, ඔම්බුස්මන්ඩ් ඇතුලු ප්‍රධාන තනතුරැ පත්කිරීමේ බලය ද ජනාධිපතිවරයා වෙත මෙම සංශෝධනය මගින් නැවතත් පවරා තිබේ.

මේ අනුව 19වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කළ තොරතුරැ දැනගැනීමේ අයිතිය, ජනාධිපතිවරයාගේ ධූරකාලය අවුරැදු 5කට සීමා කිරීම හා ජනාධිපතිධුරය දැරීම දෙවරකට පමණක් සීමා කිරීම ඇතුලු කරණු කිහිපයක් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉතිරි කර තිබේ.

 

Social Sharing
නවතම