දෙවැනි කුඹල් පෙරහරේ අලි කුලප්පුව

ඊයේ (22) රාත්‍රියේ පැවති මහනුවර දළදා මාලිගාවේ දෙවැනි කුඹල් පෙරහරේ ගමන් කළ අලියකු කුලප්පු විය.

ඒ හේතුවෙන් ජනතාව නොසන්සුන් වී දිව යාමට උත්සාහ කරද්දී ඇති වූ තෙරපීම මත කිහිප දෙනෙකු නුවර වැවට වැටීමත් සමග පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඔවුන් බේරාගෙන තිබේ.

මෙසේ කුලප්පු වී ඇත්තේ කතරගම දේවාල පෙරහරේ ගමන් ගත් අලියෙකි. එම අලියා කුලප්පු වී ඉදිරියට ඒමත් සමඟ ඊට ඉදිරියෙන් ගමන් ගත් විෂ්ණු දේවාල පෙරහැරේ ඇතුන් දෙදෙනෙකු ද කලබල වී වැව් බැම්ම දෙසට යාම නිසා ඒ ඇසල පෙරහැර නරඹමින් සිටි ජනතාව නොසන්සුන් වීමත් සමග මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් තුවාල වූ කාන්තාවක මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Social Sharing
අවකාශය නවතම