අස්වැසුම සඳහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක් ගැනීමට කැබිනට් අනුමැතිය…

සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඇ.ඩො මිලියන 200ක ණයක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

අදාළ ණය ලබාගැනීම සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමඟ අදාළ ගිවිසුමට එළඹීමට ජනාධිපතිවරයා විසින් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව අස්වැසුම සුබසාධන ගෙවීමට සහය සහාය වීම සඳහා ඩොලර් මිලියන 185ක්ද, තෝරාගත් ප්‍රතිලාභීන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 7 ක් ද, සමස්ත ව්‍යාපෘති කළමනාකරණය සහ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 6ක් ද වශයෙන් සංරචක තුනක් යටතේ එම මුදල ලබා ගැනීමට නියමිත බව අදාළ කැබිනට් තීරණයේ තවදුරටත් සඳහන්.

Social Sharing
ආර්ථික නවතම පුවත්