පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම වෙත ලබා දීමේ අරමුණින් පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් පාදුක්ක තැපැල් කාර්යාලය හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ” මනි ඕඩර්” යැවීමේ වැඩසටහනක් අද (22) දින පාදුක්ක තැපැල් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී පාදුක්ක ප්‍රදේශයේ ඡන්ද දායකයන් පිරිසක් පාදුක්ක තැපැල් කාර්යාලය වෙත පැමිණ රුපියල් සියයයේ සිට රුපියල් පන්සියය දක්වා මුදල් ඇණවුම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නමට යැවීම සිදුවිය.
එම පිරිස පැවසූවේ මැතිවරණය යනු ව්‍යවස්ථානුකූලව ජනතාවට ලැබී ඇති මූලික අයිකිවාසිකමක් බැවින් එම මැතිවරණය පවත්වා ජනතා අයිතීන් රැකදීම රජයේ වගකීමක් වන බවත් එලෙස තම මූලික අයිතිය රැක දීමට රජයට මුදල් නොමැති බව පවසන බැවින් කම අයිතිය රැක ගැනීම වෙනුවෙන් තමන් විසින් ම උපයා ගත් මුදල් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යැවීමට කටයුතු කල බවයි.
-ලංකාදීප-