ඡන්දය තියන්න බදාවක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

general-elections-current-political-situation-in-sri-lanka-rohan-samarajeewa

ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසමට වන බැවින් සහ මැතිවරණය නිසි ආකාරව පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව අධිකරණය හමුවේ ප්‍රතිඥා දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් එම අධිකරණය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ඡන්ද විමසීම සැලසුම් කළ පරිදි පවත්වන බව මැතිවරණ කොමිසම අද (10)  ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී තිබුණ අතර ඒ අනුව පලාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙක විභාගයට ගැනීමට අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. ඒ අනුව එම පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ සියලු කටයුතු වලක්වන්න යැයි ඉල්ලමින් විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව් එම් ආර් විජේසුන්දර ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නේ ද නැද්ද යන්න වැඩිදුරටත් සලකා බැලීම ලබන 23 වනදා දක්වා කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

Social Sharing
නවතම පුවත්